මාධ්‍යවේදී කීත් නොයාර් පැහැරගෙන යාම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගෙන් පොලිස් අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් ඊයේ (17) ප්‍රකාශයක් ලබාගැනීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වීමට පැමිණි අවස්ථාවේ කේන්ත් ගොස් ආවේගශීලී අයුරින් තම පුද්ගලික ලේකම් වරයා වන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදිත ලොකුබණ්ඩාර බැන වැදුණා.
එහි වීඩියෝ දර්ශන ගතවූ පැය ගණනාව තුළ ඉතා සීඝ්රයෙන් අනතර්ජාලය තුළ පැතිරෙන්නට ද පටන්ගත්තා.
කෙසේ වෙතත් මෙම සිදුවීමෙන් අනතුරුව අද දිනයේ දී ද මහින්ද රාජපක්ෂ උත්සවයකට සහභාගිවීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වීමට පැමිණියා.
එම අවස්ථාවේදී මාධ්‍යවේදියෙකු විසින් මහින්ද රාජපක්ෂගෙන් විමසනු ලැබූ පළවැනිම ප්රශ්නය වූයේ “මොකද මේ තරහා යන්නේ මේ දවස්වල” යනුවෙන්.
මහින්දගේ ඊට ලැබුනු පිළිතුර වූයේ “නැහැ කිසිම තරහක් ගියේ නැහැ. පොඩි අයව පොඩ්ඩක් හදන්න ඕනේ නේ. පොඩි අයව හදන්න ඕනේ වැරදි කළාම. පුතෙක් වගේනේ බැන්නම මොකෝ වෙන්නේ.” යනුවෙන්….
