Gossip News | Rajagossip | Latest Gossip | ගොසිප් | rajagossip.lk – Raja Gossip

Political

සමෘද්ධි කැපිලි නෑ ජනපති සහතික වෙයි

Maithripala Sirisena

සමෘද්ධි ප්‍රතිලාභය කප්පාදු කිරීමක්‌ හෝ අඩු කිරීමක්‌ රජය කිසිසේත් සිදු නොකරන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඊයේ (11 ) ඇඹිලිපිටිය ගම්උදාව ක්‍රීඩාංගණයේදී ප්‍රකාශ කළේය.

රජය සමෘද්ධි ප්‍රතිලාභය කපා දැමීමට සූදානම් වන බවට විවිධ දේශපාලන උසිගැන්වීම් සිදු වුවත් ඒවායේ කිසිදු සත්‍යතාවක්‌ නොමැති බවත් රජය ප්‍රතිපත්තිමය තීන්දු ගන්නේ සෑම විටම පොදු මහජනතාවගේ යහපත උදෙසා බවත් ජනාධිපතිවරයා කීවේය.

සමෘද්ධි ප්‍රතිලාභය හිමි විය යුතු එහෙත් එය නොලැබෙන විශාල පිරිසක්‌ රටේ සිටින බවත් ඔවුන්ට අලුතින් එම වරප්‍රසාද ලබා දෙනු විනා කිසිදු අවස්‌ථාවක සමෘද්ධි කප්පාදුවක්‌ සිදු නොකරන බවත් ජනාධිපතිවරයා පැවසීය.

මහවැලි ජනපදිකයන් වෙත ඉඩම් ඔප්පු ලක්‌ෂයක්‌ බෙදාදීමේ වැඩසටහන යටතේ වලවේ කලාපයේ ගොවි ජනතාවට ඉඩම් ඔප්පු පන්දහසක්‌ ප්‍රදානය කිරීම නිමිත්තෙන් පැවැති උත්සවයේදී ජනාධිපතිවරයා මේ බව කීවේය.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top