Gossip News | Rajagossip | Latest Gossip | ගොසිප් | rajagossip.lk – Raja Gossip

News Line

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව අසළ අදත් කලබලයක්

knife

අද උදෑසන 11.00ට පමණ මෙට්රෝපොලිටන් පොලීසයට තොරතුරක් ලැබුණා.

ඒ පිහියක් ඇතැති පුද්ගලයෙක් පාර්ලිමේන්තුව ඉදිරිපට සිට ගෙන ඉන්නවා කියලා.

මේක දැන ගත්ත ගමන් පොලීසිය වහාම ක‍්‍රියාත්මක වුණා.

සිද්ධිය ඇසින් දුටුව අය නම් කියන්නේ විශාල ප‍්‍රමාණයක පොලිස් නිලධාරීන් මේකට ප‍්‍රතිචාර දක්වන්න එම ස්ථානයට ආවා කියලා.

ඒ විදියට එතනට ආපු පොලිස් නිළධාරින් මුලින්ම පාර්ලිමේන්තුව අසල තියන ගේට්ටු වසා දැම්මා.

ඉන් පසුව එම ස්ථානයට ආයුධ සන්නද්ධ නිළධාරීන් මෙන්ම ගිලන් රථයකුත් ගෙන එන්න කටයුතු කළා.

සිද්ධිය ඇසිනු දුටු අය කියනවා අදාල පුද්ගලයා පිහියක් පිහියක් යනුවෙන් දෙතුන් වතාවක් ශබ්ධ නැගුවා කියලා.
නමුත් එය නිශ්ච තොරතුරක් නෙමෙයි. පොලීස් නිලධාරීන් ඉක්මනින්ම එම ස්ථානය අවට බාධක පැනවූවා.

ඒ වගේම පාර්ලිමේන්තුව ඉදිරිපිට පදික වේදිකාවටත් බාධා පැමිණෙව්වා. කොහොම හරි අදාල පුද්ගලයා අත්අඩංගුවට ගත් පොලීසිය පැවසුවේ සිද්ධියෙන් කාටවත් හානි වුනේ නැහැ කියලයි.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

3 × 4 =

To Top