Gossip News | Rajagossip | Latest Gossip | ගොසිප් | rajagossip.lk – Raja Gossip

News Line

දකුණු පළාතට පෙනුණු අද්භූත එළිය ගැන පැහැදිළි කෙරේ

asteroid

අද රාත්‍රී 9 ට පමණ දකුණු පළාතේ ස්ථාන කිහිපයක දර්ශනය වූ බවට වාර්තා පළවන උල්කාෂ්මයකට සමාන වස්තුවක් නිසා කථාබහක් ඇතිව තිබෙනවා.

විශාල එළියක් විහිදුවාගෙන අහසේ වේගයෙන් යම් වස්තුවක් ඇදී ගිය බවත් මහ ශබ්දයක් සමග වහළ මතට සහ ගස් මතට දුහුවිලි වැටෙන්නාක් මෙන් දැණුනු බවත් ප්‍රදේශවාසීහු පවසනවා.

මෙම ආලෝකය දුටු හා ශබ්දය ඇසුණු ප්‍රදේශ අතර ගාල්ල , මාතර ,හබරාදුව, පිටබැද්දර,අකුරැස්ස,නෙළුව, තවලම, හක්මන, දෙනියාය තිබේ.

වොලිබෝලයක තරම් ගෝලාකාර තද කහපාට යමක් මුහුදට වැටෙනු දුටු බව ඇතැමෙක් පවසනවා.

මෙය උල්කාපාතයක්,උල්කාෂ්මයක්,පිටසක්වල යානයක් ආදී විවිධ දේට සැකකරමින් මේ වනවිට කටකතා පැතිර ඇති අතර මෙය ගුවන් අනතුරක් නොවන බව ගුවන් හමුදාව මේ වනවිට  නිවේදනය කර තිබෙනවා.

ආචාර්ය චන්දන ජයරත්න සඳහන් කරන්නේ මෙය දකුණු වෙරළ තීරයට කඩා වැටුනු උල්කාෂ්මයක් බවයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top