Gossip News | Rajagossip | Latest Gossip | ගොසිප් | rajagossip.lk – Raja Gossip

Political

මම එක ගලෙන් කුරුල්ලො දෙන්නෙක් මරනවා

Minister Ranjith Siyambalapitiya

‘සමස්තයක් වශයෙන් ගත්කළ සෑම වසරකම ලංකාවේ විදුලි ඉල්ලූම 10% කින් වැඩි වෙනවා. මේ වසරේ එම ඉල්ලූම තවත් වැඩිවෙලා තියෙන්නේ, මේ දිනවල පවතින දැඩි උෂ්ණත්වය හේතුවෙන්. ආලෝකය සඳහා පමණක් නෙමෙයි උෂ්ණත්වය පාලනය කිරීම වෙනුවෙනුත් වැඩිවන විදුලි ඉල්ලුම නිසි ආකාරයෙන් සපුරාලන්න හැකි ආකාරයේ උත්පාදන මාර්ගයකට යොමු විය යුතුයි. එසේ යොමුවන උත්පාදන මාර්ගයෙන් මාර්ගයෙන් විදුලිබිල අවම කරනවා වගේම එය ජාතියටත් වැඩදායි වියයුතුයි. ඒ ආකාරයෙන් එක ගලෙන් කුරුල්ලෝ දෙන්නෙක් මරන්නයි මම සූර්යබල සංග්‍රාමය ආරම්භ කළේ’ යැයි විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ප්‍රකාශ කර සිටී.

ඒ මහතා මෙම අදහස් පළකළේ,  ඊයේ (03දා) පෙරවරුවේ, රඹුක්කන පින්නවල මහා විද්‍යාලයට සූර්යබල විදුලි පද්ධති ලබාදීමේ අවස්ථාවකට සහභාගි වෙමින්.

“මෙතෙක් පැවති අධිකම විදුලි ඉල්ලුම වශයෙන් මෙගාවොට් 2611 ක විදුලි ඉල්ලමක් පසුගිය මාසයේදී අපට වාර්තා වුණා. මේ වනවිට අපි විදුලිය නිපදවීමේ ප්‍රධාන මාර්ගය වශයෙන් ජලය යොදාගෙන තිබෙනවා. මේ වනවිට සමස්ත විදුලි උත්පාසනයෙන් 40% ක් නිපදවෙන්නේ ජලයෙන්. ඊට අමතරව විදුලි උත්පාදනය සඳහා ඞීසල් සහ ගල් අගුරු යොදාගනු ලබනවා. මේ තුළින් වායු දුෂණයක් සිදුවන අතරම අධික මිලක් විදේශයන් කරා යොමු වෙනවා. එසේ වැයවන මුදල් අවම කරගැනීමට හැකි ආකාරයේ අවම මිලක් සහිත පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් වෙත අපි යොමුවිය යුතුයි.” යැයි පැවසුවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top