Gossip News | Rajagossip | Latest Gossip | ගොසිප් | rajagossip.lk – Raja Gossip

Sports

අඩි හතේ ඉර්ෆාන්ගෙන් විස්‌සේ ලෝක වාර්තාව

Mohammad Irfan

විස්‌සයි විස්‌ස පළමු පෙළ තරග ඉතිහාසයේ පන්දු යවන්නකු යවන ලද හොඳම නිලකුණු ඕවර සංඛ්‍යාව යවමින් නව ලෝක වාර්තාවක්‌ පිහිටුවීමට පාකිස්‌තාන් ක්‍රීඩකයකු වන මොහොමඩ් ඉර්ෆාන් සමත් විය.

ඒ කැරිබියන් ප්‍රිමියර් ලීග් විස්‌සයි විස්‌ස තරගාවලිය අතරතුරදීය.

අඩි 7.1 ක උසකින් යුත් ඉර්ෆාන් සිය ඕවර හතර නිලකුණු ඕවර තුනක්‌ සමගින් යෑවූ අතර ලකුණු එකකට කඩුලු දෙකක්‌ (4-3-1-2) බිඳ දමමින් එම වාර්තා පිහිටුවීය. ඔහුගේ පළමු පන්දුවට බාබේඩෝස්‌ ටි්‍රනිනෑඩ් පිල නියෝජනය කරන අතර ඔහුගේ පළමු පන්දුවටම ශාන්ත කිට්‌ස්‌ පිල නියෝජනය කළ ක්‍රිස්‌ ගේල් දැවී ගියේය.

“ඇත්ටම මට ගොඩක්‌ සතුටුයි විස්‌සයි විස්‌සේ වාර්තාගත පන්දුයෑවීමක්‌ සටහන් කිරීම ගැන. මම කැමැතියි කඩුලු ගන්න. ඒ වගේම මගේ උසත් එක්‌ක අමතර ඉපිලීමක්‌ සහිතව පන්දු යෑවීමත් මට වාසියක්‌” යෑයි ඉර්ෆාන් තරගයෙන් අනතුරුව පැවසීය.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

five × two =

To Top