Gossip News | Rajagossip | Latest Gossip | ගොසිප් | rajagossip.lk – Raja Gossip

News Line

ඇස්වලට මිරිස් කුඩගහලා කෝටි දෙකකට ගේම දීපු අපූරු කොල්ලය

money robbery

බුලත්සිංහල පහළ නාරගල ප්‍රදේශයේ රුපියල් කෝටි දෙකකට අධික මුදලක් කොල්ල කා තිබෙනවා.

එම මුදල් කොල්ලය සිදුව ඇත්තේ ඉතාමත් වෙනස් ආකාරකටයි.

ඒ මිරිස් කුඩු යොදානිමින්.

නාරාහේන්පිටි ප්‍රදේශයේ පෞද්ගලික සමාගමක නිලධාරින් බුලත්සිංහල නාරගල ප්‍රදේශයේ ATM යන්ත්‍රවල තැන්පත් කිරීම සඳහා අදාළ මුදල් රැගෙන යමින් සිටියදී මෙම කොල්ලය සිදුව තිබෙන්නේ.

වෑන් රථය වෙළඳසලක් අසල නවතා එහි පැමිණි පිරිස ආහාර ගනිමින් සිටියදි ජිප් රථයකින් පැමිණ කොල්ලකරුවන් අදාළ මුදල් රැගෙන පලාගොස් තිබුණේ මිරිස් කුඩු ප්‍රහාරයක් එල්ල කරමින්.

පොලීසිය සඳහන් කළේ, මෙම කොල්ලය සැලසුම් සහගතව සිදුකර ඇති බවට ද කරුණු අනාවරණය වෙමින් ඇති බවයි.

කොල්ලකෑම සිදුවන අවස්ථාවේ ආරක්ෂක නිලධාරියා සතුව ගිනි අවිය නොතිබුණු බවයි පොලීසිය සඳහන් කළේ.

මෙම මුදල් කොල්ලය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් මුදල් රැගෙන ගිය වෑන් රථයේ රියැදුරා සහ පෞද්ගලික ආරක්ෂක අංශ නිලධාරියා පැය 48 ක් රඳවා තබා ප්‍රශ්න කිරීමට අධිකරණය අවසර ලබා දී තිබෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

one × 4 =

To Top