Gossip News | Rajagossip | Latest Gossip | ගොසිප් | rajagossip.lk – Raja Gossip

Tech

ඒ කාලේ පිස්සුවෙන් වගේ පාවිච්චි කළ Motorola ආයෙමත් පිස්සු හැදෙන Phone එකක් හදලා

motorola moto x

කලින් කලට කිසිදු හදිසියක් නොමැතිව උපාංග නිකුත් කරන මෝටරෝලා සමාගම සිය මීළඟ විශිෂ්ටයා නිකුත් කිරීමට සූදානම්ව සිටී.

ජලයෙන් මීටර් එකහාමාරක් ගැඹුරේ මිනිත්තු 30ක කාලයක් වුව හානි නොවන පරිද්දෙන් මෙම උපාංගය තැබිය හැකි බව සහතික කරනා IP68 සහතිකයට දුහුවිල්ලෙන් වන හානිද වැළැක්වීමේ හැකියාව ඇත. මෙහි LTPS IPS LCD capacitive touchscreen තිරය අඟල් 5.2ක අගයකින් යුතුය. එයට Multi-touch‘ පහසුකම සේම Corning Gorilla Glass තිර ආරක්ෂණය යෙදෙයි. නොබෝ දිනකින් නිකුත් වන මෙම උපාංගය නවතම ඇන්ඩ්‍රොයිඩ් ඔරියෝ සමගින් පැමිණෙනු ඇතිදැයි කිව නොහැකි නමුත්, අනිවාර්යයෙන්ම එය Android 7.1 මෙහෙයුම් පද්ධතියෙන් බලගැන්වී පැමිණෙනු ඇත. මෙහි ඇති Qualcomm Snapdragon 630 චිප පද්ධතියේ Octa-core 2.2 GHz ප්‍රොෙසසර බලයක් ඇත.

ගිගාබයිට් 256ක් දක්වා මතක චිප හරහා මතකය ඉහළ දමන්නට හැකියාව ඇති අතර, ගිගාබයිට් 32ක අභ්‍යන්තර මතකයකුත් ගාබයිට් 3ක රැම් අගයකුත් අන්තර්ගතය.

මෙහි පසුපස මූලික කැමරා පද්ධතියට 12 MP (f/2.0) සහ 8 MP (f/2.2) ද්විත්ව කැමරා dual-LED (dual tone) flash සමගින් අන්තර්ගත වේ. එසේම geo-tagging, touch focus, face detection, panorama, auto-HDR යන පහසුකම්ද එහි තිබේ. මූලික කැමරා පද්ධතියේ වීඩියෝ පටිගත කිරීමේ හැකියාවන් 2160p@30fps, 1080p@30/60fps ලෙසින් සඳහන් වේ. ද්විතියීක කැමරාව 16MP වන අතර, එහිද LED flash එකක් තිබේ. මෙහි ගුණාත්මක 1080p තත්වයෙන් වීඩියෝ පටිගත කිරීමේ හැකියාව තිබේ.

මෙහි Fingerprint (front-mounted), accelerometer, gyro, proximity, compass යන සෙන්සරයන් පිහි‍ටුවා තිබේ. Super Black, Sterling Blue යන වර්ණයන්ගෙන් නිකුත් වන මෙහි Li-Ion 3000 mAh බැටරියක් ඇත. ඉහත දැක්වූ විශේෂාංගයන් හා පහසුකම් මෙන්ම FM radio පහසුකමද සමගින් මෙම උපාංගය ඉහළ තාක්ෂණික ලෝලී අවධානයක් දිනාගනු ඇති බව විශ්වාසයි. මෙහි වාසි ලෙසින් ඉහළ ගුණාත්මක බවේ කැමරා පද්ධතියත්, මධ්‍යම පාන්තික මිලත්, සුපුරුදු මෝටරෝලා පෙනුමත් දැක්විය හැක. අවාසි ලෙසින් ප්‍රොසෙසරයේ පසුගාමීත්වයත්, අඩු බැටරි බලයත් තරගකාරී අඩු පාඩු ලෙසින්ද දැක්විය හැකිය.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top