Gossip News | Rajagossip | Latest Gossip | ගොසිප් | rajagossip.lk – Raja Gossip

Entertainment

නදිමාල්ගේ මායම් කලාවට ටීනා පැටලිලා ?

nadeemal perera

නදිමාල් පෙරේරාගේ මායම් කලාව දැන් ගොඩක් ජනප්‍රියයි. ඉතින් ඔහු ‘රතුරෝස’ට මෙහෙම දේවල් ගොඩක් කිව්වේ මේ ආකාරයෙන්.

තවම මායම් කලාවේ පැටලිලා නේද ?
මායම් කලාවට පස්සෙ එන අලුත් නිර්මාණය ළගදීම බලන්න පුළුවන් වෙයි.

දැන් දැන් නදීමාල්ට ප්‍රසංග නම් වැහි වැහැලා නේද ?
වැඩිද අඩුද කියලා කියන්න මම දන්නේ නැහැ. ඒත් ප්‍රසංගවලට නම් ආරාධනා ලැබෙනවා.

කවුද මේ කටයුතුවලට නදීමාල්ට උදවු කරන්නෙ ?
ගෙදර අය වගේම මගේ මිත්‍රයෝ තමයි.

සනුකගෙ Hit එක නදීමාල් හින්දා බහීද දන්නෙ නෑ.
කොහොමත් නැහැ. මොකද අපි අතර තරගයක් නැහැ.

දැන් අර සෙට් එකේ වැඩ පේන්න නෑ නේද ?
අපි දැන් වැඩත් එක්ක කාර්යබහුල වෙලා නිසා ඒ දේවල් කරන්න වෙලාවක් වෙන් කරනවා අඩුයි. ඒත් ලැබෙන හැම මොහොතකම අපි සෙට් එක එකතු වෙන්න අමතක කරන්නෙ නැහැ.

සිනමාවේ හඩක් වෙන්න යනවා නේද ?
ප්‍රියන්ත කොළඹගේ අයියාගේ ආරාධනයෙන් මටයි, සනුකටයි දේදුනු ආකාසේ චිත්‍රපටයේ ගීතයක් ගායනා කරන්න ලැබුණා. ඉදිරියේදී සිනමාවේ පසුබිම් ගායනයට සම්බන්ධ වෙනවා.

ඔය අතරේ නදීමාල්ගේ මායම් කලාවට ටීනා පැටලුණා නේද ?
අනේ. අපි ඒ ගැන කතා නොකර ඉමු.

ඇයි ලැජ්ජා වෙන්නේ, ආදරවන්තිය බණියි කියලාද ?
අපි ඒ ගැනත් කතා නොකර ඉමු.

නීෂූ අනුත්තරා


 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

seventeen − one =

To Top