Gossip News | Rajagossip | Latest Gossip | ගොසිප් | rajagossip.lk – Raja Gossip

Gossip

මම කියන්නේ බොරු කියලා මිනිස්සුන්ගේ අනුකම්පාව දිනා ගන්න එපා කියලා

Namal Udugama

නාමල් උඩුගම, රුවන්ති මංගලා දරු දෙන්නත් එක්ක පත්තරේක මුල් පිටුව සරසන්න මේ විදියට එකතු වුණේ අවුරුදු ගණනකට පස්සේ. එ් අතරතුරේ අපි නාමල්ගේ අලූත් තොරතුරු විමසන්නත් අමතක කළේ නැහැ. නාමල්ගේ ගීතයක් නව පරපුරේ ගායක දුලාජ් ධනුෂ්ක ගායනා කිරීම මුල් කරගෙන මේ දවස්වල ඇතිවී තිබෙන ප‍්‍රශ්නය ගැනත් එහිදී නාමල් විවෘතව කතා බහ කළා.

මොනවද මේ දවස්වල කරන අලූත් වැඩ කටයුතු ?
ළඟදී අලූත් ගීත දෙකක් පටිගත කරන්න තියෙනවා. පුරුදු විදියට ප‍්‍රසංග වේදිකාව තුළත් රැඳිලා ඉන්නවා.

එතකොට රුවන්ති…
අලූත් ටෙලි නාට්‍ය දෙකක් කළා.

පුතයි දුවයි දෙන්නා ගැනත් කතා කරමු….
දුව දැහැමි දිව්‍යාංජලී දැන් වයස 19 යි. එයා සිරිමාවෝ බණ්ඩාරනායක බාලිකාවේ උසස් පෙළ හදාරනවා. පුතා නෝමිත කලාවිත්. එයා දැන් ඇමෙරිකන් කොලේජ් එ්කේ ඩිග්රිය කරනවා. පුතාට වයස 18 යි.

එ් දෙන්නා දවසක අම්මගෙයි තාත්තගෙයි අඩිපාරෙ යයිද?
පුතාට හොද ගායන හැකියාවක් තියෙනවා. පුතා නම් දවසක මගේ අඩිපාරේ යයි. දෙන්නාගෙන් කෙනෙක් රඟපාන්න යයිද කියලා නම් දන්නේ නැහැ.

නාමල් නවක ගායකයකු සමග මේ දිනවල ඇතිකරගෙන තිබෙන ප‍්‍රශ්නය මොකක්ද?
පසුගිය දවස්වල මම දුරකථනයට එන එක වැළකිලා හිටියෙත් එක එක්කෙනා කෝල් කරලා ඔය ගැන අහන හින්දා.

නව පරපුරේ ගායක දුලාජ් ධනුෂ්ක ඔබගේ ”අප හමුවීම වෙන්වීම දෝ ආදරේ” ගීතය ගායනා කිරීම නිසා ඔබ ඔහුට පරුෂ ලෙස බැණ වැදුණු බවයි ඔහු අපත් සමගත් කියා සිටියේ.. ඇත්තටම මොකක්ද ඔතන සිද්ධ වුණේ ?
මම නිහඬව, මගේ පාඩුවේ බිරිඳයි දරු දෙන්නයි එක්ක ජීවත් වෙන කෙනෙක්. කවුරු හෝ අනවශ්‍ය ප‍්‍රශ්නයක් ඇති කළත් මම නිහඬව මග හරිනවා. එ්ත් වැරැද්දකදී වැරදිකරුවා කළ වැරැද්ද නිවැරදිකරු නිහඬව ඉන්නකොට නිහඬ කෙනා වැරදිකරු විදියටයි සමාජය දකින්නේ. මමත් එ්ක තේරුම් ගත්තේ මේ ප‍්‍රශ්නෙදී. එ් හින්දා මම ඔය සිද්ධිය ගැන සම්පූර්ණ සත්‍යය පැහැදිලි කරන්නම්. හැබැයි දිගින් දිගටම එ්කම කතා කරන්න නම් බැහැ.

හරි එහෙනම් කියන්නකෝ මොකක්ද සිද්ධ වුණේ කියලා ?
ඔය කියන ගායකයා මගේ ගීතය අන්තර් ජාලයට දාලා තියෙන බව ආරංචි වුණාම මම එ්ක ඉවත් කරන්න කියලා ඔහුගෙන් කාරුණිකව ඉල්ලා සිටියා. එ්ත් එ් දේ ඔහු ඇහුවේ නැහැ. ඉන් පසුව තමයි නැවතත් තදින් කියා සිටින්න වුණේ. හැබැයි කිසිම දාක මම ඔහුට අසභ්‍ය වචන පරුෂ වචන නම් පාව්චිචි කළේ නැහැ. ඔහුට විතරක් නෙමෙයි මම ජීවිතේට කිසිම කෙනෙකුට අසභ්‍ය වචනයෙන් බැණ වැදිලත් නැහැ. මම එ් වෙලාවේ ටිකක් තදින් කතා කළ බව ඇත්ත. ඊට පසුවත් ඔහුට මාත් එක්ක කතා කරලා වැරැද්ද නිවැරදි කරගන්න තිබුණා. ඔහු එ්කවත් කළේ නැහැ. තැන තැන කියනවා මම අසනීප වූ වෙලාවේ එයා මා වෙනුවෙන් නොමිලේ ගී ගැයුවාලූ. එය අමූලික බොරුවක්. එහෙම ගැයුවා නම් අදාළ ප‍්‍රසංගයේදී ගත්තු ඡුායාරූපයක් හරි ප‍්‍රසංගයට ගිය බව ඔප්පු කළ හැකි සාක්ෂියක් හෝ ඉදිරිපත් කරන්න කියලා මම ඔහුට අභියෝග කරනවා. එයා මගේ ගීතයක් මංකොල්ල කාලා මට වරද පටවලා ජනතාවගේ අනුකම්පාව ලබාගන්නයි මේ හදන්නේ. එ් විදියට මිනිසුන්ගේ අනුකම්පාව ලැබිලා ජනප‍්‍රිය වෙන්න හදවාට වඩා තමන්ගේ දක්ෂතා තුළින් ජනප‍්‍රිය වුණොත් ඉදිරි ගමනක් යා හැකි බව මම ඔහුට කියන්න කැමතියි.

ආරියවංශ කුලතිලක

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

nine + seventeen =

To Top