Gossip News | Rajagossip | Latest Gossip | ගොසිප් | rajagossip.lk – Raja Gossip

Sports

නික් පෝතාස් ක්‍රීඩකයන්ගේ දුර්වල ක්‍රීඩා විලාසය ගැන කියපු කතාව

nick pothas

තම ක්‍රීඩකයන්ගේ දුර්වල ක්‍රීඩා විලාසය පිළිබඳව තමා අතිශයින් කනගාටුවට පත්වන බව ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු නික් පෝතාස් පවසයි.

අබුඩාබිහිදී ඊයේ (18දා) දින පැවැති ශ්‍රී ලංකා – පාකිස්තාන තෙවැනි එක්දින තරගයෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් හෙතෙම මේ බව පවසා සිටියේය.

මෙහිදී මාධ්‍යවේදියෙකු විසින් පිතිකරුවන්ගේ පිතිකරණය අසාර්ථකභාවය පිළිබඳව ඔහුගෙන් විමසා සිටි අවස්ථාවේදී ඔහු පවසා සිටියේ එයට පිළිතුර අවංකව තාම දන්නේ නැති බවයි.

“අපට බොහෝ පුහුණුවීම් කළ හැකිව තිබෙනවා. එහෙත් ඊට පෙර අප මේ සීමාව පසුකර යා යුතු වෙනවා. එසේම සුළු සටන්කාමීත්වයක් පෙන්නුම් කළ යුතු වෙනවා. එය ඉතා දුෂ්කරකටයුත්තක් . එකම දෙය නැවත නැවත සිදු වන ආකාරය අපි දැක්කා. මෙම තත්ත්වයෙන් මිදීමට කුමක් හෝ කළ යුතු වෙනවා” මෙහිදී අදහස් දැක්වූ ඔහු පවසා සිටියේය.

“මෙම තත්ත්වයෙන් මිදීමට අපට විසඳුමකට පැමිණිය යුතු වෙනවා. මේ සඳහා අපි සියලු දෙනාම එකඟවිය හැකි විසඳුමක් දිය යුතු වෙනවා. මා කී දෙයට අප සියලු දෙනා එකඟයි. ඒවගේම ශ්‍රී ලංකාවත් එකඟයි. වෙනසක් කළ යුතුව තිබෙනවා. තව බොහෝ කලක් ඊට තිබෙනවා” යැයි එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පෝතාස් පැවසීය.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top