Gossip News | Rajagossip | Latest Gossip | ගොසිප් | rajagossip.lk – Raja Gossip

Political

Leak වුනු ‍Photos ගැන මුතුහෙට්ටිගම කතා කරයි

Leak Photos

නිශාන්ත මුතුහෙට්ටිගම අමාත්‍යවරයාගේ දකින්න ලැබෙන සාමාන ඡායාරූප වලින් වෙනස් වූ ඡායාරූප එකතුවක් පහුගිය කාලයේ අන්තර්ජාලයේ විශාල වශයෙන් හුවමාරු වීමක් වුණා.

ඒ ගැන අමාත්‍යවරයා ජනයුගය ඉරිදා පුවත්පතට කියා තිබුනේ මේ ආකාරයෙන්….

පහුගිය දවස්වල සමාජ ජාලවල ඔබගේ පින්තූර රැසක් හුවමාරු වුණා. තරුණියන් සමග විනෝද වෙන ආකාරයේ. මේ ගැන පිළිතුරක් දෙන්න පුළුවන්ද ?
ඒවා බොහොම පරණ පිංතූර වගයක්. පාටියක අපි සංගීත සන්දර්ශනයකට සහභාගි වුණු එකක්. ඒක අවශ්‍ය විදිහට සංස්කරණය කරලා අනිත් ඉන්න අය අයින් කරලා ඒක මම විතරක් විදියට දාලා සකස් කරපු එකක්. මම ඒ ගැන කලබල වෙන්නෙ නැහැ එච්චර.

එතැන හිටපු අනෙක් ඉන්න අය කවුද ?
ඒක කියන්න අවශ්‍ය නැහැ.

එතකොට මේ පින්තූර ඔබතුමාට දේශපාලන වශයෙන් පහරක් ගහන්න එළියට දාපු එකක් කියලද කියන්නෙ ?
මම එහෙම කියන්නෙ නැහැ. දැම්ම කෙනා දැම්මෙ පහරක් ගහන්න තමයි. ඒක මට පහරක් නෙමෙයි.

ඒ කියන්නෙ ඔබතුමා දන්නවා කවුද දැම්මෙ කියලා ?
ඔව්. ඒක ගැන කතා කරලා වැඩක් නැහැ.

මේ සම්බන්ධයෙන් නීතිමය පියවරක් ගන්න කල්පනා කරලා තියෙනවද..?
නැහැ. වැඩක් නැහැ.

ජනයුගය 2017.10.15

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top