Gossip News | Rajagossip | Latest Gossip | ගොසිප් | rajagossip.lk – Raja Gossip

Bollywood

ජනප‍්‍රිය පාසල් යුද්ධය ගැන හින්දි චිත‍්‍රපටයක්

Hindi Medium

ජනප‍්‍රිය පාසලකට තමන්ගේ දරුවාව ඇතුළත් කරගන්න දෙමාපියන් නොකරන දෙයක් නැති තරම්. පදිංචිය මාරු කරනවා. තමනුත් බොරු කියනවා. දරුවාටත් බොරු කියන්න උගන්වනවා. අපේ රටේ බොහෝ තැන්වල සිද්ධ වෙන සාමාන්‍ය දෙයක් තමයි මේක. ඇත්තටම මේක අපේ රටේ විතරක් සිද්ධ වෙන දෙයක් නෙවෙයි කියලා හිතෙන්නේ පසුගිය මැයි 19වැනිදා තිරගත වුණු ‘හින්දි මීඩියම්’ කියන අලූත් හින්දි සිනමා පටය නැරඹුවාට පස්සෙයි.

විනෝදාත්මක චිත‍්‍රපටයක් ලෙස වර්ගීකරණයට ලක්වුණු මෙය සීනාත් ලඛානි විසින් ලියන ලද්දක් වන අතර සාකේත් චවුද්රි විසින් අධ්‍යක්ෂණය කොට තිබෙනවා. ඉර්ෆාන් ඛාන් සහ සාබා කමාර් මෙහි ප‍්‍රධාන චරිත දෙක නිරූපණය කරනවා.

අපි ටිකක් මේ කතාව මොකක්ද කියලා බලමු.

රාජ් බාත‍්‍රා (ඉර්ෆාන් ඛාන්) කියන්නේ දිල්ලියේ ඉන්න හොද ව්‍යාපාරිකයෙක්. ඔහුගේ බිරිඳතමයි මිතා (සාබා කුමාර්). ඔවුන් දෙදෙනාම හින්දි මාධ්‍යයෙන් උගන්වන සාමාන්‍ය පාසලක ඉගෙන ගත්තත්, ඔවුන්ගේ පස් හැවිරිදි දියණිය වන පියා (දිසිතා සෙහ්ගාල්) දිල්ලියේ තියෙන උසස් පාසලකට ඇතුළත් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. මේ පාසලට ඇතුලත් කරනවා නම් එයින් කිලෝ මීටර් 3ක ඇතුළත් පදිංචි වෙලා ඉන්න ඕන. මේ නිසා ඔවුන් ඒ කියන දුර සීමාවේ තියෙවන වසන්ත් විහාර් කරා පදිංචියට යනවා.

දරුවාව පාසලට ඇතූලත් කරද්දී දෙමාපියන්වත් සම්මුඛ පරීක්ෂණයකට ලත්කරනවා. මේ ගැන දැනීමක් නැති නිසා ඒ සම්බන්ධව උපදෙස් ගන්න ඔවුන් ෂිකා ළඟට යනවා. ෂිකා ඔවුන්ව මේ සම්මුඛ පරීක්ෂණයේ අසන ප‍්‍රශ්නවලට පිළිතුරු ලබාදෙන විදිය පුරුදු කරවනවා. කොහොම වුනත් සම්මුඛ පරීක්ෂණයේ දී රාජ් ට නිවැරදිව පිළිතුරු ලබාදෙන්නට නොහැකි වෙනවා. අවසානයේ වෙන්නේ මේ පාසලින් පමණක් නෙවෙයි අනෙක් පාසල්වලට ද ඇතුල් වන්නට තමන්ගේ දුවට තියෙන අවස්ථාව ප‍්‍රතික්ෂේප වී යාමයි. රාජ් පොඩි පොඩි යටිකූටටු වැඩ ටිකක් කරන්න හැදුවත් ඒවා ද සාර්ථක වන්නේ නැහැ.

මෙන්න මේ විදියට තමයි චිත‍්‍රපටය ගළාගෙන යන්නේ. මොකක්ද වෙන්නේ කියලා බලන්න නම් සම්පූර්ණ චිත‍්‍රපටයම නරඹන්නට සිද්ධ වෙනවා.

මෙහි නිෂ්පාදන වියදම ඉන්දියානු රුපියල් කෝටි 23ක් වන අතර මෙහි ආරම්භක දිනයේ ඉන්දියානු රුපියල් කෝටි 2.81ක ආදායමක් ලබා තිබෙනවා. ඒ වගේම මෙතෙක් ලබා ඇති ආදායම ඉන්දියානු රුපියල් කෝටි 102.7ක් වෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top