Gossip News | Rajagossip | Latest Gossip | ගොසිප් | rajagossip.lk – Raja Gossip

Bollywood

ඉන්දියාවේ තවත් ඉතිහාසයකින් සිනමාව කණපිට හරවන පද්මාවතී Trailer එක මෙන්න

Padmavati

පද්මාවතී යනු සංජේ ලීලා භන්සාලි විසින් අධ්‍යක්ෂණය කළ, ඉදිරියේ තිරගත වීමට නියමිත ඉන්දියානු කාලාන්තර නාට්‍ය චිත්‍රපටයකි.

මෙය භන්සාලි සහ වයාකොම් 18 මෝෂන් පික්චර්ස් ආයතනයේ හවුල් නිෂ්පාදනයකි. චිත්‍රපටයේ තේමා චරිතය වන රාණි පද්මිණීගේ චරිතය නිරූපණය කරන්නේ දීපිකා පදූකෝන් විසිනි. එසේම රන්වීර් සිං, ෂාහිඩ් කපූර්, සහ ආදිති රාඕ හයිදරි ද රංගනයෙන් දායක වේ. මෙම චිත්‍රපටය මුලින් මුදාහැරීමට නියමිතව තිබුණේ 2017 නොවැම්බර් 17 දින ය. නමුත්, රාජස්ථානයේ විරෝධතා හේතුවෙන් රූගත කිරීම් සඳහා බලපෑම් එල්ල විය. මෙය 2017 දෙසැම්බර් 1 දින මුදාහැරීමට නියමිත ය.

මෙම චිත්‍රපටය පද්මාවත්හි සඳහන් වන ජනප්‍රවාදගත හින්දු රාජ්පුත් රැජිනක වන රාණි පද්මිණීගේ දිවිය අලලා ප්‍රබන්ධ කළ එකකි. පද්මාවත් අනුව ඇය මෙවාරයේ රාජ්පුත් පාලකයා වූ රාණා රාවල් රතන් සිංගේ බිසව වූවා ය.

1303දී, දිල්ලි සුල්තාන් අධිරාජ්‍යයේ තුර්කි පාලකයා වූ අලාඋද්දීන් ඛිල්ජි රාජ්පුතානාවේ චිතෝර් බලකොටුව වටලෑමට ආක්‍රමණයක් මෙහෙයවී ය. පද්මාවත් අනුව, ඛිල්ජි මෙම ආක්‍රමණය මෙහෙයවූයේ රාණි පද්මිණීව අල්ලා ගැනීමට ඔහු තුළ වූ ආශාව නිසායි.

මේ එම චිත්‍රපටයේ පුර්ව ප්‍රචාරක පටයයි..

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top