Gossip News | Rajagossip | Latest Gossip | ගොසිප් | rajagossip.lk – Raja Gossip

News Line

පාලිත රංගේ බණ්ඩාරගේ පුතා කැබ් එකකින් ගෙයක් කුඩු කරයි

රාජ්‍ය අමාත්‍ය පාලිත රංගෙ බණ්ඩාර මහතාගේ පුතා පැදවූ කැබ් රථයක් අනතුරකට ලක්ව තිබෙනවා.

හලාවත – පුත්තලම මාර්ගයේ බංගදෙණියේදී මෙම අනතුර සිදුව ඇති අතර කැබ් රථය නිවසක් තුළට ගමන් කර ඇත.

අනතුරින් තුවාල ලැබූ යශෝධ රංගෙ බණ්ඩාර හා තවත් තරුණයෙක් හලාවත රෝහලට ඇතුළත් කර ඇත.

අනතුරින් නිවසට දැඩි හානි ඇතිව තිබෙනවා.

අද අලුයම මෙම අනතුර සිදුව තිබෙනවා. නිවෙස් හිමියා සඳහන් කරන්නේ තමන්ට වන්දියක් ගෙවන තෙක් කැබ් රිය ඉවත් කර ගැනීමට ඉඩ නොදෙන බවයි.

මෙම කැබ් රිය අමාත්‍ය පාලිත රංගෙ බණ්ඩාර මහතා කලින් කටයුතු කළ නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍යාංශයට අයත් බටටද පරීක්ෂණවලින් හෙළිවී තිබෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

seven + two =

To Top