Gossip News | Rajagossip | Latest Gossip | ගොසිප් | rajagossip.lk – Raja Gossip

News Line

තරුණියන් 13 දෙනකුගේ නිරුවත වීඩියෝ කළ තරුණයා

police arrested

විසි හැවිරිදි තරුණියකගේ නිරුවත් පින්තූර වීඩියෝ ගත කර පසුව අන්තර්ජාලයට මුදා හරින බවට පවසමින් බියගන්වා වරින්වර එම තරුණියගෙන් රුපියල් ලක්ෂ 10කට අධික මුදලක් කප්පම් ගත් 21 හැවිරිදි විවාහක පුද්ගලයකු වෙන්නප්පුව පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී ඔහු එලෙසම තවත් තරුණියන් 13 දෙනකුගේ නිරුවත් පින්තූර වීඩියෝ ගත කර ඇති බවට හෙළි වී තිබෙනවා.

මේ පුද්ගලයා මාරවිල මහෙස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් පසු මෙම මස 16 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට පොලිසියට නියෝග කළා.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මීගමුව කුරණ ප්‍රදේශයේ පදිංචි විවාහක පුද්ගලයෙක්. වීඩියෝ කරන ලද දර්ශන වෙනත් පුද්ගලයන්ට අලෙවි කළ මෙම සැකකරුගේ 44 හැවිරිදි පියාද වෙන්නප්පුව පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදාහැර තිබෙනවා.

සැකකරු වෙන්නප්පුව ප්‍රදේශයේ සෞන්දර්ය අංශයේ අමතර පන්තියකට සහභාගි වී ඇති අතර මෙම තරුණිය එම අමතර පන්තියේදී විවාහ කරගන්නා බවට පවසමින් මෙසේ මුහුණ පමණක් වීඩියෝ කළ බවට තරුණිය කළ පැමිණිල්ලේ සඳහන් වන බව පවසන පොලිසිය මෙම වීඩියෝ පට තවත් නිරුවත් පින්තූර සමඟ සම්බන්ධ කර සංස්කරණය කරන ලද ඒවා බවට සැක කරනවා.

මේ අනුව සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේදී මීගමුව, කොච්චිකඩේ, කුරණ ප්‍රදේශවල පදිංචි තවත් තරුණියන් 13 දෙනකුගේ නිරුවත් වීඩියෝපට අන්තර්ජාලයට මුදා හරින බව පවසමින් මුදල් කොල්ලකා ඇති බවට අනාවරණය වී තිබෙනවා. මෙම වීඩියෝපටවලින් කීපයක් අන්තර්ජාලයට මුදා හැරීම හේතුවෙන් තරුණිය විසින් කළ පැමිණිල්ලකට අනුව පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇත.

මෙම වීඩියෝපට සහ සැකකරුගේ දුරකතන, ලැප්ටොප් පරිගණකය ඇතුළු භාණ්ඩ තොගයක් අත්අඩංගුවට ගෙන ඇති අතර ඒවා වැඩිදුර පරීක්ෂණ සඳහා රජයේ රස පරීක්ෂක වෙත යොමු කිරීමට නියමිත බව පොලිසිය පවසනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

8 − two =

To Top