Gossip News | Rajagossip | Latest Gossip | ගොසිප් | rajagossip.lk – Raja Gossip

Tech

මාළුන්ට නපුරු වූ මිනිසුන්ට අපූරු වූ මුහුදේ කිමිදෙන ඩ්‍රෝනය

Power Ray Drone

සාගරයේ ගැඹුරු ප්‍රදේශවලට ළඟා වී එහි ඡායාරූපගත කිරීමට වගේම දීය යට සිටින මාළුන්ට අම යොදමින් අල්ලා ගත හැකි අපූරු උපකරණයක් මේ වන විට එළිදක්වා තිබෙනවා.

Power Ray Drone යනුවෙන් හැඳින්වෙන මෙම උපකරණයට මුහුදු පතුලේ කිමිදෙමින් මාළුන් ආකර්ෂණය කර ගැනීමේ හැකියාවෙන් යුක්ත වන අතර මෙම ඩ්‍රෝන උපකරණය දීය මතුපිට ඇති බෝට්ටුවක සිට දුරස්ථ පාලකයක් මඟින් පාලනය කිරීමේ හැකියාවකින්ද යුක්තයි. එම උපකරණයෙන් ලැබෙන මුහුදු පතුලේ සජීවී දසුන් දුරස්ථ පාලකය මත ඇති තිරය මඟින් නැරඹීමටත් එම දර්ශන වීඩියෝ ගතකිරීමට සහ ඡායාරුපගත කිරීමට හැකිවේ. අඩි 98 ක් ගැඹුරට කිමිදිය හැකි මෙම පවර් රේ පිහිනුම් රොබෝ ඩ්‍රෝනය සතුව මාළුන් එයට ආකර්ෂණය කර ගත හැකි සොනර් නමැති තාක්‍ෂණික පද්ධතිය අන්තර්ගතව තිබෙනවා.

ඒ හරහා උපකරණයේ සිට යවන තරංග මඟින් අඩි 131 ක් ගැඹුරින් සිටින මාළුන් ඒ වෙත ආකර්ෂණය කර ගැනීමේ හැකියාවෙන් යුක්තයි. එමෙන්ම ඔබට අවශ්‍ය නම් ත්‍රිමාණ රූප දසුන් නැරඹීය හැකි UR yoggle උපකරණය පැළඳගෙන ඩ්‍රෝනය හරහා ලැබෙන දර්ශන ඔබ මුහුදු පතුලේ කිමිදෙමින් දකින ආකාරයටම නැරඹිය හැකි වෙනවා.

එම උපකරණයේ ඉහළ කේබලයක් තාක්‍ෂණික දෝෂයක් ඇති වුවත් එය මුහුදු පතුලට වැටීමේ අවදානමක් නොමැති බවත් කිව යුතුයි.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top