Gossip News | Rajagossip | Latest Gossip | ගොසිප් | rajagossip.lk – Raja Gossip

Political

ජනපති අවුරුදු සමරුවේ මෙහෙමයි

maithripala sirisena

සමස්ත ශ්‍රී ලංකාවාසී ජනතාව සමග එක්ව, හෙළ සිරිතට මුල්තැන දෙමින් ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ද කොළඹ, මහගමසේකර මාවතේ පිහිටි ජනාධිපති නිල නිවසේ සිට අලූත් අවුරුදු චාරිත්‍ර ඉටුකිරීම සදහා එක්වුණා.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා, ජයන්ති සිරිසේන මැතිණිය ඇතුළු පවුලේ සැම එක්ව සුබ නැකතට ලිප ගිනි මොළවා අලූත් අවුරුදු චාරිත්‍ර ඉටුකරමින් නව වසරේ උදාව සැමරුවා.

වැඩ ඇල්ලීමේ චාරිත්‍රය ඉටු කරමින් ජනාධිපතිතුමා විසින් ජනාධිපති නිල නිවස පරිශ්‍රයේ බෙලි පැළයක් ද රෝපණය කළා.

අනතුරුව ගනුදෙනු කිරීමේ චාරිත්‍රය සදහා ද ජනාධිපතිතුමා එක්වුණා.

උදාවූ සිංහල හා හින්දු අලූත් අවුරුද්දට ජනාධිපතිතුමා වෙත සුබපැතීමට මැති ඇමතිවරුන්, කලාකරුවන් හිතවතුන් මෙන්ම විවිධ ජනකොටස් නියෝජනය කරමින් ජනතාව විශාල පිරිසක් ජනාධිපති නිල නිවස වෙත පැමිණ සිටි අතර, ඔවුන් සියලූදෙනා ඉතා සුහදව පිළිගත් ජනාධිපතිතුමා ආහාර අනුභව කිරීමේ නැකතට එම සියලූදෙනා එක්කර ගනිමින් ඔවුන්ට ආහාරපාන වලින් සංග්‍රහ කළා.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

3 × five =

To Top