Gossip News | Rajagossip | Latest Gossip | ගොසිප් | rajagossip.lk – Raja Gossip

Political

රාජ්‍ය සේවකයින් 05 දෙනෙකුගෙන් එක් අයෙකුට මානසික ආතතිය – රාජිත සේනාරත්න

rajitha senaratne

විශේෂ අවශ්‍යතා සහිත දරුවන් සදහා අලුත්ගම මොරගල්ල ප්‍රදේශයේ ඉදිකරන ලද පර්ල් ළමා මාර්ගෝපදේශන මධ්‍යස්ථානය සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා විසින් පසුගියදා විවෘත කරන ලදි.

එහිදී අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා –

ලෝක මානසික සෞඛ්‍ය දිනය අදට (10) යෙදී ඇති අතර වසර 25 ක කාලයක් එම දිනය අපි සමරනවා. විශේෂයෙන්ම දරුවන්ගේ මානසික සෞඛ්‍ය දියුණු කළ යුතුයි. මනස සුලු මොහොතකින් වෙනස් වෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශයේ මානසික සෞඛ්‍ය සදහා වෙනම ඒකකයක් ද ස්ථාපිත කර තිබෙනවා. එහි දැනට ඇති සංඛ්‍යා ලේඛණ වලට අනුව රජයේ සේවකයින් 05 දෙනෙකුගෙන් එක් අයෙකුට මානසික ආතතිය ඇති බව සොයාගෙන තිබෙනවා. රැකියා ස්ථානයේ ගැටලු, නිවසේ ගැටලු ඒ සදහා හේතු වී තිබෙනවා. මානසික රෝග සදහා ප්‍රතිකාර ලබාගන්නා සංඛ්‍යාව ද වැඩි වී තිබෙනවා. කලබලකාරී ජිවිතය සහ තරගකාරීත්වය ද ආතතියට හේතු වී තිබෙනවා. එම නිසා එය සමාජයට ද බලපානවා. විශේෂ අවශ්‍යතා ඇති දරුවන් රැකබලා ගැනීම අපේ යුතුකමක්. පහසුකම් ලබාදිය යුතුයි. “Friends Lanka” ළමා පදනම විදේශිය ස්වේච්ඡා ආයතනයක් වුනත් ශ්‍රී ලංකාවේ දරුවන් වෙනුවෙන් මෙවැනි ආයතනයක් ඉදිකිරීම ඉතාම වැදගත්.

මෙම මධ්‍යස්ථානයේ සිටින විශේෂ අවශ්‍යතා ඇති දරුවන් රැකබලා ගන්නා ගුරුවරුන් වෙත සෞඛ්‍ය අමාත්‍යතුමා විසින් පත්වීම් ලිපි ද ප්‍රදානය කරන ලදි. මෙම අවස්ථාවට කලුතර දිස්ත්‍රික් ලේකම් යු.ඩී.සී ජයලාල් මහතා ඇතුලු විශාල පිරිසක් සහභාගිව සිටියහ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top