Gossip News | Rajagossip | Latest Gossip | ගොසිප් | rajagossip.lk – Raja Gossip

News Line

නොච්චියාගම රනෝරාවට ගුවන් හමුදාවෙන් බීජ බෝම්බ ප්‍රහාරයක්

ශ්‍රී ලංකාවේ ඉතිරි වී තිබෙන වනාන්තර ප්‍රමාණය දවසින් දවස් අඩුවෙමින් පවතින්නේ සොබාදහමේ බලපෑමට වඩා අපේම ආත්මාර්ථකාමී මිනිස්සු කරන විනාසය නිසාමයි.
තමන්ගේ දේශපාලන පැවැත්මට මිනිසුන්ගේ හොඳ හිත දින ගැනීම සඳහා වනාන්තර එළිකරන දේශපාලකයින් ගේ සිට එදා දවස හම්බකරන සාමාන්‍ය ගොවියා දක්වාම තමා ජිවත් වෙන අද දවස ගැන පමණක් සිතමින් දිනෙන් දින වනයට කරන විනාශයේ ප්‍රතිපලයක් වශයෙන් අපේ අනාගතයට ඉතුරු කර තිබෙන සම්පූර්ණ වන ප්‍රමාණය ශ්‍රී ලංකා භූමි ප්‍රමාණයෙන් 27% ක් පමණයි.

මට විශ්වාසයි තවමත් ඔබට මෙම විනාශයේ බරපතල කම නොතේරෙන බවට. සරල වශයෙන් අප ආශ්වාස කරන වාතයේ තිබෙන ඔක්සිජන් ප්‍රමාණය වසර මිලියන ගණනක් වනාන්තර විසින් නිෂ්පාදනය කරන ලද්දකි. නමුත් එක දිනකට පමණක් අප විසින් වසරක නිෂ්පාදනය කරන ඔක්සිජන් පමණය භාවිතා කරනවා. අවසනාවකට එක දිනකට අප විසින් බාවිතා කරන ඔක්සිජන් ප්‍රමාණය නැවත නිෂ්පාදනය කරන්න දැනට පවතින වනාන්තර වලට වසර සියයකට අසන්න කාලයක් ගතවන බවටයි වාර්තා වන්නේ.

මදක් හිතන්න, තවත් වසර විස්සකින් පමණ ඔබේ දරුවට හුස්මගැනීමට වාතයේ තිබෙන ඔක්සිජන් ප්‍රමාණය මදි වුහොත් ඔවුන් මෙලොවට බිහිකිරීම ගැන අප අපටම සාප කරගන්නවා නොඅනුමානයි.

මේ විනාශයට පිළිතුරු සෙවීම සඳහා, අපේ දරුවන්ගේ අනාගතයට හොඳ වාතය දායාද කිරීම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් නොච්චියාගම රනොරාව ප්‍රදේශයට හරි අපූරු බෝම්බ ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

ගුවන් හමුදාව මෙය හඳුන්වා තිබෙනේ බීජ බෝම්බ ප්‍රහාරය යනුවෙන්. ශ්‍රී ලංකාව තුල සිදුකල ප්‍රථම බීජ බෝම්බ ප්‍රහාරයද වන්නේ මෙයයි. ඊයේ (12) වෙනිදා උදැසන 9ට අනුරාධපුර ශ්‍රී ලංකා ගුවන් හමුදා කඳවුරෙන් පිටත් වූ MI 17 වර්ගයේ හෙළිකොප්ටර් යානාවකින් කරඳ, මී සහ කුඹුක් යන වර්ග වලට අයත් ශක්තිමත් බීජ 5000 ක ප්‍රමාණයක් ගුවන් හමුදාව විසින් රනොරාව ප්‍රදේශයේ තෝරා ගත් ස්ථාන වලට අහසේ සිට හෙලා තිබෙනවා. මෙහිදී ගුවන් හමුදාවේ මූලික බලාපොරොත්තුව වී තිබෙන්නේ වසර 2030 වන විට ශ්‍රී ලංකාවේ වන ප්‍රමාණය 27% සිට 32% ඉහල දැමීමටයි.

එම අවස්ථාවේ ඡායාරූප පහතින් නරඹන්න,

Image is © Copyrighted by SLAF MEDIA.
Image is © Copyrighted by SLAF MEDIA.
Image is © Copyrighted by SLAF MEDIA.
Image is © Copyrighted by SLAF MEDIA.
Image is © Copyrighted by SLAF MEDIA.
Image is © Copyrighted by SLAF MEDIA.
Image is © Copyrighted by SLAF MEDIA.
Image is © Copyrighted by SLAF MEDIA.
Image is © Copyrighted by SLAF MEDIA.
Image is © Copyrighted by SLAF MEDIA.
Image is © Copyrighted by SLAF MEDIA.
Image is © Copyrighted by SLAF MEDIA.
Image is © Copyrighted by SLAF MEDIA.
Image is © Copyrighted by SLAF MEDIA.
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

one × two =

To Top