Gossip News | Rajagossip | Latest Gossip | ගොසිප් | rajagossip.lk – Raja Gossip

News Line

කාන්තාවන් දෙදෙනකුගේ ජීවිතය කෙළසා දැමූ පොලීසියේ ලොක්කෝ දෙන්නට ලැබිච්ච දඩුවම

හෝටලයක සිටි කාන්තාවන් දෙදෙනකු බලහත්කාරයෙන් පැහැරගෙන ගොස්‌ සමූහ දූෂණයට ලක්‌ කිරීම ඇතුළු අධිචෝදනා හතරකට වරදකරුවන් කරනු ලැබූ හිටපු උප පොලිස්‌ පරීක්‌ෂකවරයකු හා පොලිස්‌ සහායකවරයකුට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා විසින් වසර 20 යි මාස හය බැගින් බරපතළ වැඩසහිත සිරදඬුවම් ඊයේ (07දා) නියම කරනු ලැබුවා.

සමන්ත රොහාන් කුමාර හා චමින්ද සම්පත් නමැති එම විත්තිකරුවන් දෙදෙනා රුපියල් 70,000 බැගින් වූ දඩයකට යටත් කළ විනිසුරුවරයා සමූහ දූෂණයට ලක්‌වූ කාන්තාවන් දෙදෙනාට රුපියල් ලක්‌ෂ 2 බැගින් වන්දි මුදලක්‌ ගෙවීමට ද නියම කළා.

එකී දඩ මුදල් හා වන්දි මුදල් නොගෙවන්නේ නම් පෙර සිරදඬුවමට අමතරව වසර 10 1/2 බැගින් වූ ලිහිල් සිරදඬුවම් ලබාදීමට ද නියෝග කළා.

එවකට සපුගස්‌කන්ද පොලිසියට අනුයුක්‌තව සේවය කළ එම විත්තිකරුවන් 2003.08.18 වැනිදා බම්බලපිටිය ප්‍රදේශයේ පිහිටි හෝටලයකට කඩා වැදී පැමිණිල්ලක්‌ පිළිබඳව විමර්ශනය කිරීමට අවශ්‍ය බව පවසා එම කාන්තාවන් දෙදෙනාව පැහැරගෙන ගොස්‌ සමූහ දූෂණයට ලක්‌කර තිබුණා.

දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව විත්තිකරුවන් එකී චෝදනාවලට වරදකරුවන් බවට පැමිණිල්ල විසින් ඔප්පු කොට ඇති බවට නිගමනය කළ විනිසුරුවරයා එම නඩුවේ තුන්වන විත්තිකරු ලෙස නම් කොට තිබූ මොහොමඩ් ලෙබ්බේ හනිෆා නමැත්තා සියලු අධිචෝදනාවලින් නිදොස්‌ කොට නිදහස්‌ කිරීමට ද නියෝග කළා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top