Gossip News | Rajagossip | Latest Gossip | ගොසිප් | rajagossip.lk – Raja Gossip

Sports

ඇඟේ හැප්පිලා පටන්ගත්තු මැච් එක ඉවර කළ හැටි

Virat Kohli

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ වැදගත් තරගයක් ඊයේ කිංග්ස් ලෙවන් පන්ජාබ් කණ්ඩායම සහ රෝයල් චැලෙන්ජර්ස් බැංගලූර් කණ්ඩායම අතර පැවැත් වුණා.

මේ තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් කිංග්ස් ලෙවන් පන්ජාබ් කණ්ඩායම පන්දුවාර 15යි පන්දුවක් තුළ සියලුදෙනා දැවී රුස්කර ගැනීමට හැකි වූයේ ලකුණු 88ක් පමණයි.

අනතුරුව තරගය ජය ගැනීමට පිටියට පැමිණි රෝයල් චැලෙන්ජර්ස් බැංගලූර් කණ්ඩායම පන්දුවාර 8යි පන්දුවකදී කිසිදු කඩුල්ලක් නොදැවී ලකුණු 92ක් ලබාගෙන ජය වාර්තා කළා.

එහිදී විරාට් නොදැවී ලකුණු 48ක් සහ පාර්තීව් පටේල් නොදැවී ලකුණු 42ක් ලබාගත්තා.

ඒ අනුව රෝයල් චැලෙන්ජර්ස් බැංගලූර් කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ ලකුණු 10ක් ලබාගෙන 7 වැනි ස්ථානයේ පසුවනවා. කිංග්ස් ලෙවන් පන්ජාබ් කණ්ඩායම ලකුණු 12ක් ලබාගෙන පස්වැනි ස්ථානයේ පසුවනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top