Gossip News | Rajagossip | Latest Gossip | ගොසිප් | rajagossip.lk – Raja Gossip

Gossip

රොෂානාගේ සුපිරි මෝටර් රථය සිහිනය බොඳ කරපු අධ්‍යක්ෂකට ලැබුනු දඩුවම

roshana ondatjie

ජපානයෙන් සුඛෝපභෝගී මෝටර් රථයක්‌ ආනයනය කරදෙන බව පවසා රංගන ශිල්පිනී රොෂානා ඔන්ඩච්චිගෛන් රුපියල් ලක්‌ෂ 10 ක මුදලක්‌ ලබාගෙන වංචා කිරීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් චිත්‍රපට අධ්‍යක්‌ෂවරයා නුගේගොඩ මහෙස්‌ත්‍රාත් අධිකරණයට පෙරේදා (14දා) ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් 20,000 ක මුදල් ඇප හා රුපියල් ලක්‌ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක්‌ මත මුදාහැර තිබේ.

මෙලෙස ඇප නියම වී ඇත්තේ මිනුවන්ගොඩ පදිංචි 35 හැවිරිදි චිත්‍රපට අධ්‍යක්‌ෂවරයකුට බවද හෙතෙම කීය.

මෙම සැකකරුට එරෙහිව රංගන ශිල්පිනිය පසුගිය වසරේ මිරිහාන විශේෂ අපරාධ විමර්ශන අංශයට පැමිණිලි කර තිබිණි. එම අංශය මගින් සාධාරණයක්‌ ඉටු නොවූ බවට ඇය බස්‌නාහිර දකුණ භාර නියෝජ්‍ය පොලිස්‌පති වසන්ත වික්‍රමසිංහ මහතාට පැමිණිලි කර තිබිණි. පසුව නියෝජ්‍ය පොලිස්‌පතිවරයාගේ නියෝගයකට අනුව මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකය පරීක්‌ෂණ පවත්වා සැකකාර චිත්‍රපට අධ්‍යක්‌ෂවරයා කොහුවල පිහිටි ඔහුගේ කාර්යාලය තුළදී 13 වැනිදා අත්අඩංගුවට ගෙන තිබිණි.

මාස තුනක්‌ ඇතුළත ජපානයෙන් මෝටර් රථයක්‌ ආනයනය කර දෙන බව පැවසූ සැකකරුට තමන් 2016 දී රුපියල් ලක්‌ෂ 10 ක මුදලක්‌ දුන් බවත්, එම මෝටර් රථය ලැබෙන තුරු එම චිත්‍රපට අධ්‍යක්‌ෂවරයාගේ මෝටර් රථය ලබාදුන් බවත්, මාස තුනක්‌ ගත වෙද්දී ආනයනය කර ලබාදෙන බව කී මෝටර් රථය ලබා නොදී ඔහු ලබාදුන් රථය බලහත්කාරයෙන් රැගෙන යැමට උත්සාහ කළ බවත් පවසමින් රංගන ශිල්පිනිය පැමිණිලි කර තිබිණි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

3 × four =

To Top