Gossip News | Rajagossip | Latest Gossip | ගොසිප් | rajagossip.lk – Raja Gossip

Gallery

රූමස්සල කන්දට වෙන්න යන දේ මෙන්න

Rumassala

රූමස්සල කඳුවැටියට ඉහළින් වූ නිල් පැහැයෙන් යුත් වලාකුළු අතරින් හිරු එබිකම් කරමින් සිටී. කඳු මුදුනේ සිට බලන විට ඇති ක්ෂිතජය තෙක් පැතිරී විසිරි ඇත්තේ තෙරක් නොපෙනෙන මහ කරදිය කඳය. රූමස්සල කඳු යාය දෙස් විදෙස් සංචාරකයින්ගේ පරාදීසයකි. මෙහි ඇති ගැමි පරිසරයට හා නිස්කලංක බවට දෙස් විදෙස් සංචාරකයෝ දැඩි කැමැත්තක් දක්වති. ඒ විතරක් නොව සතියේ නිවාඩු දිනවලදී හා පෝය දිනවලදී මානසික සුවය පතා දෙස් විදෙස් සංචාරකයෝ මෙහි පැමිණීමට පුරුදුව සිටිති.

යද්දෙහිමුල්ල හා උණවටුන වැල්ලේ පැත්තේ හෝටල්වල රාත්‍රියට ඩිස්කෝ ඩාන්ස් තියෙනවා. කන් බිහිරි වන තරමට තමයි රතිඥ්ඥා පත්තු කරන්නේ. කනක් ඇහිලා ඉන්න බැහැ. රාත්‍රියට නිදා ගන්න බැහැ. ඩිස්කෝ ඩාන්ස් වසංගතයක් වෙලා. ඇත්තටම සුදු ජාතිකයන් පවා මේවට කැමති නැහැ. රූමස්සලේදී හමුවූ අයෙක් අපට කිවේය.

ඉක්බිති අපි ඔහුගෙන් සමුගනිම්න් කඳු වැටිය දිගේ ඉදිරියට ගමන් කළෙමු. කඳු වැටිය පාමුල පිහිටි සුදුවැල්ල හා කුඩාවැල්ල සුන්දර දසුනකි. ඒ ආසන්නයේ දක්නට ඇත්තේ බොනවිස්ටා කොරල් පරයයි. රූමස්සල කොරල් පරයේ මසුන් විශේෂ 560 ක් සිටි. ගාලු බොක්ක පැත්තට වන්නට කඳු වැටියේ පාමුල නිවාඩු දිනවලදී තරුණ පෙම්වතුන්ගෙන් පිරී ඉතිරි යයි.

ඇතැම් තරුණ ජෝඩු මෙහි සැරිසරන්නේ ඉතා අශෝභන අයුරිනි. පාසැල් පෙම්වතුන්ද මේ අතර නැතුවා නොවෙයි. කොරල් ගහනය 70% කට වැඩි බවද පරිසර වේදීන් විසින් කරනු ලැබූ අධ්‍යනයකදී අනාවරණය වී තිබේ. සැබවින්ම මෙය ජෛව විවිධත්වයේ විස්මිත දැක්මකි. අපි මහවැල්ල දිගේ ඉදිරියට ගමන් කළෙමු. මෙහි එක් පසෙකින් දක්නට ඇත්තේ මිරිදිය පොකුණකි. 16 – 18 වැනි සියවස් අතර කාලයේදී ගාලු වරායට පැමිණි නැව් සඳහා ජලය ලබා ගැනීමට මෙකී පොකුණ භාවිතා කර තිබේ. මෙම කාලයේදී ගාලු වරාය පාලනය කරනු ලැබුවේ යුරෝපියන් විසිනි. දැනටද මෙකී දීය පොකුණට අමතරව පැරැණි ජැටියෙහි ගරා වැටුණු කොටසක්ද දැකගත හැකිය.මීට වසර 40 කට පමණ ඉහතදී මේ වනාන්තරය නොඉඳුල් වනාන්තරයකි. දැන් රූමස්සල කඳු වැටියේ ස්වාභාවික පරිසරය විනාශ කොට ගොඩනැඟිලි ඉදිවෙමින් පවතී.

කළුනික පවා තිබුනේ යැයි කියූ මේ මහා රූස්ස කැලේ අද ඇත්තේ අතරින් පතර හැදී වැඩි මලානික වෙමින් යන ගස් කෝලන් ටිකක්ය. එහෙත් මේ සියල්ල යටපත් කරමින් වන පෙත මරනින්දට යවමින් උඩට මතුවන කොන්ක්‍රීට් වනාන්තරයන් දක්නට ලැබේ. මේවාට නීතියෙන් නිසි අවසර ලැබී ඇත්ද ලබාදී ඇති නිර්ණායකයන් නිසි අයුරින් පවත්වාගෙන යන්නේද යන්න සොයා බලන්නට යන එන කෙනෙකු දකින්නටවත් නැත්තේය.

අද දක්නට ඇත්තේ රූමස්සල නොව නවීන රූමස්සලකී. නවීන ලෝකයේ අද ඉදිරියෙන් සිටින්නේ සංචාරක ව්‍යාපාරයන්ය. මෙම බිම් කඩෙහි සොදුරම ඉසව්ව වන්නේද වෙරළාසන්න භූමියයි. එහි අයිතිය මේ වන විටත් ඇත්තේ වරාය අධිකාරියටය. මේ බිමේ ඇති සුවිශේෂී එක් කොටසක් වන්නේ සුදු වැල්ල කියන ඉසව්වයි. එය සුන්දර වෙරලකින් හා මනා සෙවන ඇති අපූරු වන රොදකින් යුක්ත වුවකි. පෘතුගීසින් පළමු වරට පැමිණ ඇත්තේද මේ බිම්කඩටය. මනාසේ ස්භාවිකව පිහිටා ඇති වෙරළ හා නොගැඹුරු මුහුද ඉතා සුරක්‍ෂිත නාන තටාකයකි. දිනපතා මෙහි පහස ලබා ගැනීමට එන දෙස් විදෙස් සංචාරකයින්ගේ ගණන මෙතෙකැයි කිව නොහැකිය. නමුත් අද මෙම ස්ථානය බලෙන් අත්කරගත් අයකු පවත්වාගෙන යන අවන්හල එකම මාෆියාවක් වී ඇත. කිසිඳු ආයතනයකින් කිසිඳු බලපත්‍රයක් ලබාගෙන නැත. බලන්නට සොයන්නට එන කිසිඳු ආයතනයක්ද නැති විදේශිකයන් ගසා කන්නේ මරා වේශයකිනි.

පුංචි කොකා කොලා බෝතල් දෙකක් හා බියර් බෝතලයක විකුණුම් මිළ රුපියල් 1300 කි. අනෙක් ඒවා ගැන කියන්නට නොහැකිය. මෙතැන නාන්නට හෝ විවේකයක් ගන්නට හෝ එන මෙරට වැසියකුට මෙහි වැඩි වේලාවක් ඉන්නට ඉඩ දීමක් නැති බවද පෙනිය් යයි. එතරම්ම මාෆියා තත්ත්වයක් මෙහි නිර්මාණය වී ඇත්තේය. වෙරළ සම්පුර්ණයෙන්ම මේ අයගේ අණසකට යටත් වී ඇත. විදේශිකයන් සඳහා බැංකු, ඇඳවල් සකස් කරගෙන ගසා කන්නේ නියමිත පරිදි අනුමත කොටගත් හෝටල් සංකීර්ණයක් ලෙසටය. නෑමට පමණක් පරිසරය රැකගනිමුයි කියා බෝඩ් ගස ඇති නමුත් එයාට මඳක් ඈතින් කැලය මැද්දේ හොර රහසේ ගොඩනඟා ගෙන ති මහ කසල කන්දකි. වගකිවයුත්තෝ කවුරුන්දැයි සොයා ගන්නටද නැත. මින් ඉතා අසරණව සිටි පරිසක් වක්‍ර රැකියා මඟින් හොඳ අදායම් ලබන බවක් පෙනී යයි. දකුණු පළාත් සභාවේද සංචාරක කාර්යාංශයක් ඇත. නමුත් මේ අයද මේ බිම් කඩ ගැන සොයා බැලීමක්වත් මෙතෙක් සිදුකර නොමැත. සුදු වැල්ලත්, පුංචි වැල්ලත් තවත් එක් පාසිකුඩා සංචාරක පාරාදීසයක් කරනන්ට හැකි සියල්ලම නිර්මාණය වී තිබියදී මෙය විනාශ කරන්නට අයාලේ යන්නට ඉඩදී ඇත්තේ ඇයිද යන්න ගැටලුවකි.

ජනයුගය – 2017.09.26

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top