Gossip News | Rajagossip | Latest Gossip | ගොසිප් | rajagossip.lk – Raja Gossip

News Line

තමිල්නාඩුවෙන් ආපු විකට නළුවා මුලතිව් ඇවිත් වැදගත් කතාවක් කියලා

s karunas

දකුණු ඉන්දියාවේ තමිල්නාඩු සිනමාවේ ප්‍රසිද්ධ විකට නළුවකු වන එස්. කරුණා මේ දිනවල මුලතිව් ප්‍රදේශයේ සංචාරය කරමින් යුද්ධයෙන් විපතට පත් පවුල්වල උදවියට සහය දැක්විය හැකි අන්දම පිළිබඳව සොයා බලමින් සිටිනවා.

කරුණා පැමිණ ඇත්තේ උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේශ්වරන් මහතා විසින් කරන ලද ඉල්ලීමක් අනුවයි.

යුද සමයේදී අතුරුදන් වූ පුද්ගලයන් සොයා දෙන ලෙස රජයට බල කරමින් වසරකට අධික කාලයක් තිස්සේ අඛණ්ඩ විරෝධතාවක නිරතව සිටින මුලතිව් වැසියන්ද කරුණා මුණගැසී තිබෙනවා.

මේ අවස්ථාවේදී කරුණා ඔවුන්ගෙන් විමසා ඇත්තේ යුද්ධය හමාර වී වසර නවයක් ගොස් තිබියදී ඔවුන් ජීවතුන් අතර සිටිය හැකි ද යන්නයි.

අතුරුදන් වූවන්ගේ ඥාතීන් පවසා ඇත්තේ රජයේ රැඳවුම් කඳවුරුවල ඒ පිරිස් රදවාගෙන සිටින බවයි.

අතුරුදන් වූ පිරිස විසි දහසක් පමණ වේ නම් ඔවුන්ව රහසිගතව සඟවා තබාගෙන සිටීමට හැකියාවක් නැති බව පවසා ඇති කරුණා අතුරුදන් වූ පවුල්වල සිටින අධ්‍යාපනය ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට අධ්‍යාපන කටයුතු කරගෙන යෑමට තමා උදවු කරන බව පවසා තිබෙනවා.

මේ සඳහා වන අවශ්‍යතා හඳුනා ගැනීම තමන්ගේ මෙම සංචාරයේ අරමුණ බවත් ප්‍රධාන අමාත්‍යවරයා හමුවී ඒවා ක්‍රියාවට නංවන අන්දම ගැන සාකච්ඡා කරන බවත් විකට නළු කරුණා මුලතිව්හිදී ප්‍රකාශ කොට තිබෙනවා.


Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

three × 5 =

To Top