Gossip News | Rajagossip | Latest Gossip | ගොසිප් | rajagossip.lk – Raja Gossip

Bollywood

සල්මන් ඛාන් පිය පදවිය ලබන්න බලා‍පොරොත්තුවෙන්

salman khan

ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ, කරන් ජොහාර් අවිවාහකෙයක්. ඒත් ඔහු දැන් පුතුන් දෙදෙනකුගේ පියෙක් බවට පත්වෙලා. ඔහුට ඒ වාසනාව ලැබුණේ එක්තරා නාඳුනන කාන්තාවගේ කුසෙහි ඔහුගේම ජානවලින් පිළිසිඳගත් නිවුන් දරුවන් දෙදෙනකු මෙලොව එළිය දුටු නිසයි. එය සිදුවුණේ වෛද්‍ය විද්‍යාත්මක ක්‍රම වලට පින් සිදු වන්නටයි. ඔබට මතක ඇති, ශාරුක් ඛාන් සහ ගෞරී යුවළට තුන්වැනි දරුවකු ලැබුණු අයුරු. එය සිදුවුණේත් මේ ක්‍රමයට ම තමයි.

දැන් තවත් සුපිරි කලාකරුවකුට ඒ අයුරින් පිය පදවිය ලබන්නට සිතක් පහළ වෙලා. මේ සුපිරි තරුව තමයි, සල්මන් ඛාන්. ඔහු අවිවාහකයකු බවට කවුරුත් දන්නවා. දැන් සල්මන් ගේ බලා‍පොරොත්තුව වී ඇත්තේ කරන් ජොහාර්ව අනුගමනය කරමින් පිය පදවිය ලබන්නටයි. ඔහු පවසන්නේ මීළඟ වසර දෙක, තුන ඇතුළතදී පුතකු හෝ දියණියකගේ සෙනෙහස ලැබීම තම පැතුම බවයි.

ඒ දරුවා හෝ දැරියට වයස අවුරුදු 20 ක් සපිරෙද්දී තමන්ගේ වයස 70 ක් පමණ වන බවත් සල්මන් ඒ සමඟම පැවසුවා.
පළමුවරට බොලිවුඩ්පුරයේ මේ අයුරින් පිය පදවිය ලැබුවේ ජනප්‍රිය නළු තුෂාර් කපූර්. අවිවාහකයකු වන ඔහුට ඒ වාසනාව උදාවුණේ 2016 දී.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top