Gossip News | Rajagossip | Latest Gossip | ගොසිප් | rajagossip.lk – Raja Gossip

News Line

විමල් වීරවංශගේ බිරිඳ ශෂී වීරවංශ අනතුරකට

shashi weerawansa

ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතාගේ බිරිඳ වන ශෂී වීරවංශ මහත්මිය ඇතුළු පිරිසක් ගමන්ගත් ජීප් රථයක් ඊයේ (15දා) සවස 6.00ට පමණ නාත්තන්ඩිය – දංකොටුව මාර්ගයේ මාවතගම ප්‍රදේශයේදී අනතුරට ලක්ව ඇතැයි කොස්වත්ත පොලිසිය පවසනවා.

වීරවංශ මහත්මිය සිය ඥාතියෙකු වන වෙන්නප්පුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රාදේශීය සභා මන්ත්‍රී දිනේෂ් පෙරේරා මහතා ඇතුළු ඥාති පිරිසක් සමග හලාවත මුණ්නේශ්වරම් දේවාලය වැඳ පුදාගෙන යළි පැමිණෙමින් තිබියදී ඔවුන් ගමන්ගත් ජීප් රථය අතුරු මාර්ගයකින් ප්‍රධාන මාර්ගයට පිවිසි වාහනයක ගැටී තිබෙනවා.

අනතුරින් කිසිවෙකුටත් තුවාල සිදුව නොමැති අතර, වාහනවලට සිදු වූ හානිය පිළිබඳ දෙපාර්ශ්වය එකඟතාවකට පැමිණ එම ස්ථානයෙන් පිටව ගොස් ඇතැයි පොලීසිය පවසනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

7 + 7 =

To Top