Gossip News | Rajagossip | Latest Gossip | ගොසිප් | rajagossip.lk – Raja Gossip

News Line

කොළඹ හොල්ලපු වෙඩික්කරු හඳුනාගනී

shooter

කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශවල පසුගිය දිනවල සිදුවූ මනුෂ්‍ය ඝාතනයන්ට සම්බන්ධ මාකඳුරේ මධුෂ්ගේ සහ අංගොඩ ලොක්කාගේ ප්‍රධාන වෙඩික්කරු කවුදැයි කියා පාතාල මර්දන ඒකකයක් විසින් හඳුනා ගන්නා ලදැයි ඡ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් පවසනවා.

අතුරුගිරිය කේන්ද්‍රකර ගත් පාතාලයේ සාමාජිකයකු බව කියන එම වෙඩික්කරු සොයා සංවිධානාත්මක අපරාධ කොට්ඨාසය ඇතුළු පොලිස් කණ්ඩායම් කිහිපයක් විමර්ශන ආරම්භ කර තිබෙනවා.

ඉකුත් මාර්තු 19 වැනි දින අතුරුගිරියේ, ගල්වරුසාව පාරේදී නිමල්සිරි පෙරේරා නොහොත් සුදු මල්ලි නමැත්තා වෙඩි තබා ඝාතනය කිරීම, මාර්තු 26 වැනි දින මාලබේ, ජෝතිපාල මාවතේ පිහිටි රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතාගේ පෞද්ගලික ලේකම් රනිල් ආටිගල මහතාගේ නිවෙසට වෙඩි තැබීමද ඇතුළු වෙඩි තැබීම් රැසක් මෙම තැනැත්තා විසින් කරන ලද බවද පොලිස් පරීක්‍ෂණවලදී හෙළිව තිබෙනවා.

ඉකුත් 05 වැනි දින සහ 07 වැනි දින ස්ථාන කිහිපයකින් මාකඳුරේ මධුෂ්ගේ සහ අංගොඩ ලොක්කාගේ ගෝලයන් අටදෙනකු සංවිධානාත්මක අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීමත් සමඟ මෙම වෙඩික්කරු ගැන තොරතුරු හෙළිදරව් වූ බවද පොලිසිය සඳහන් කරනවා.

මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් අට දෙනාගෙන් සතර දෙනකු රැඳවුම් නියෝග මත සංවිධානාත්මක අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් ප්‍රශ්න කරන බවද පොලිසිය පවසනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top