Gossip News | Rajagossip | Latest Gossip | ගොසිප් | rajagossip.lk – Raja Gossip

News Line

මහ රූ ශ්‍රීලනිප 16 ඇමැතිධුර අත්හැරලා

slfp

අගමැතිවරයාට එරෙහිව පැවැති විශ්වාසභංග යෝජනාවේදී ඊට පක්‍ෂව ඡන්දය භාවිත කළ ශ්‍රීලනිප ඇමැතිවරුන් 16 දෙනා ඊයේ (11 වැනිදා) මධ්‍යම රාත්‍රියේ සිට සිය ඇමැතිධුරවලින් ඉවත්වීමට තීරණය කළ බව රාජ්‍ය ඇමැති ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන මහතා “දිවයින”ට පවසා තිබෙනවා.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සමඟ ජනාධිපති නිල නිවසේදී ඊයේ (11 වැනිදා) රාත්‍රී පැවැති විශේෂ සාකච්ඡාවකින් පසුව තමන් ඇතුළු පිරිස මෙම තීරණය ගත් බව ලක්‍ෂ්මන් යාපා මහතා පවසා තිබෙන්නේ.

බැඳුම්කර වංචාවට එරෙහිව අගමැතිවරයාට විරුද්ධව ඡන්දය දී තවදුරටත් ඔහු අගමැතිධුරය දරන ආණ්‌ඩුවක සිටීමට තමන්ට නොහැකි බවත් ඒ නිසා මෙම තීරණය ගත් බවත් හෙතෙම පවසා තිබෙනවා.

ඒ අනුව ඉදිරි පාර්ලිමේන්තු සභාවාරයේ සිට තමන් විපක්‍ෂයේ අසුන් ගන්නා බවත් එහෙත් ඒකාබද්ධ විපක්‍ෂය සමඟ එකතු නොවන බවත් රාජ්‍ය ඇමැති ඩිලාන් පෙරේරා මහතා “දිවයින”ට පවසා තිබෙනවා.

විපක්‍ෂයේ සිට වෙනම ශ්‍රීලනිප කණ්‌ඩායමක්‌ ලෙස කටයුතු කරන බවත් අවශ්‍ය වේලාවට පක්‍ෂය සහ ජනපතිවරයා රැකගැනීමට එකතුවන බවයි ඇමැතිවරයා පැවසුවේ.

ඒ අනුව කැබිනට්‌ ඇමැතිවරු 6 දෙනකු සහ රාජ්‍ය, නියෝජ්‍ය ඇමැතිවරු 9 දෙනෙක්‌ද නියෝජ්‍ය කථානායකවරයාද සිය ධුරවලින් ඉවත්වනු ඇති.

මේ අතර එස්‌.බී. දිසානායක මහතා ප්‍රකාශ කර ඇත්තේ ශ්‍රීලනිපය තවදුරටත් ජාතික ආණ්‌ඩුවේ සිටිනවාද නැද්ද යන්න පිළිබඳ තීරණය ඉදිරි මධ්‍යම කාරක සභාවේදී ගනු ලබන බවයි.

මේ අතර ආණ්‌ඩුව සහ ශ්‍රීලනිපය ශක්‌තිමත් කරමින් තමන් තවදුරටත් ආණ්‌ඩුවේ රැඳී සිටින බවට අගමැතිවරයාට එරෙහි විශ්වාසභංග විවාදයේදී ඡන්දය භාවිත කිරීමට නොපැමිණි ශ්‍රීලනිප කණ්‌ඩායම ඊයේ (11 දා) ජනාධිපතිවරයා සහ අගමැතිවරයා හමුවේ ප්‍රකාශ කර තිබෙනවා.

මේ අවස්‌ථාවේදී ආණ්‌ඩුවෙන් යැමට තමන්ට කිසිම වුවමනාවක්‌ නැති බවත් ආණ්‌ඩුවේ ඉදිරි කාලය අවසන් වන තෙක්‌ රටට කළ හැකි සේවය ඉටුකරන බවත් ඔවුන් පෙන්වා දී තිබෙනවා.

මහින්ද අමරවීර, මහින්ද සමරසිංහ, දුමින්ද දිසානායක ඇතුළු ඇමැතිවරු පිරිසක්‌ ඊයේ (11 දා) සවස ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපතිවරයා හමුවේ මේ බව පවසා තිබෙනවා.

අනතුරුව අගමැතිවරයා හමුවේද ඔවුන් ඉහත අදහස්‌ ප්‍රකාශ කර තිබෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top