Gossip News | Rajagossip | Latest Gossip | ගොසිප් | rajagossip.lk – Raja Gossip

News Line

සැමියාගේ අනියම් පෙම නිසා බිරිඳ තිදෙනෙකුට මාරයා වෙයි, දරු දෙදෙනාත් අවසන් ගමන් යයි

south carolina murder case

සැමියාගේ අනියම් බිරිඳට සහ තම දරුවන් දෙදෙනාට වෙඩි තබා තමන්ද සියදිවි හානිකරගත් කාන්තාවක් පිළිබඳව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඇමරිකාවේ දකුණු කැරොලිනා ප්‍රාන්තයේ මෙම සිදුවීම සිදුව ඇති බවටයි වාර්තා වන්නේ.

ජෙසිකා ඊඩන්ස් නමැති 36 හැවිරිදි කාන්තාවගේ සැමියා ඇය සහ දරුවෙන් දෙදෙනා අතහැර වෙනත් කාන්තාවක් සමඟ ජිවත් වීමට මීට මාස කිහිපයකට පෙර ගොස් තිබෙනවා.

මේ හේතුවෙන් ඇය කණගාටුවෙන් පසුවූ බවටයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් පසුගියදා ඇය තම දරුවන් දෙදෙනා සමඟ සැමියා සහ ඔහුගේ අනියම් බිරිඳ ජිවත්වන නිවසට ගොස් ඇති බව සඳහන්.

එම අවස්ථාවේදී දරුවන් දෙදෙනා මෝටර් රථය තුල සිටියදී නිවසට ඇතුල් චි ඇති එම කාන්තාව තම සැමියාගේ අනියම් බිරිඳ වන මෙරඩිත් රාමේ නමැති 28 හැවිරිදි කාන්තාව වෙඩි තබා ඝාතනයකර තිබෙනවා.

පසුව මෝටර් රථයට පැමිණි ඇති ඇය එහි සිටි වයස අවුරුදු 09ක පිරිමි දරුවාට සහ වයස අවුරුදු 05ක ගැහැණු දරුවාටද වෙඩි තබා ඇයද වෙඩි තබාගෙන සියදිවි හානිකරගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.

තම දෙමව්පියන් සතුව තිබූ ගිනි අවියක් සොරකම් කරගෙනවිත් මෙම ඝාතන සිදුකර ඇති බවටයි මුලික පරීක්ෂණ වලදී අනාවරණය වී ඇත්තේ.

මෙම ඝාතනයන්ට පෙර අවස්ථා කිහිපයකදී ජෙසිකා විසින් තම සැමියාගේ අනියම් බිරිඳට සිය සැමියා ලබා ගැනීම සම්බන්ධයෙන් තර්ජනාත්මක කෙටි පණිවුඩ යාව ඇති බවයි වාර්තා වන්නේ.

තමන් සහ දරුවන් දෙදෙනා හැරයාම සම්බන්ධයෙන් තමන් කණගාටුවෙන් පසුවන බවට දන්වමින් සැමියාට සටහනක් තබමින් ජෙසිකා මෙම ඝාතනයන් සිදු කිරීමට පිටව ගොස් ඇති බව සඳහන්.

ඇය විසින් ඝාතනය කළ සිය 09 හැවිරිදි දරුවා වෙනත් පුද්ගලයෙකු දාව උපන් දරුවෙක් වන අතර 05 හැවිරිදි දැරිය සිය සැමියා දාව උපන් බවටයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් තොරතුරු වාර්තා කරන්නේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top