Gossip News | Rajagossip | Latest Gossip | ගොසිප් | rajagossip.lk – Raja Gossip

Sports

එක දිගට වැරදි කළ ශ්‍රී ලංකාවට තවත් අභියෝගයක්‌

Cricket

එක්‌දින තරග පරාජිත රැල්ල නවතා ගැනීමට නොහැකිව සිටින ශ්‍රී ලංකාව යළිත් ජයග්‍රහණයකින් හිස එසවීමේ අරමුණින් අද (18 දා) පාකිස්‌තානය සමග තෙවැනි එක්‌දින තරගයට අබුඩාබි ෂෙයික්‌ සහීඩ් ක්‍රීඩාංගණයේදී සහභාගි වේ. තරගය ශ්‍රී ලංකා වේලාවෙන් ප.ව. 4.30 ට ආරම්භ වීමට නියමිතය.

මේ වන විට තරගාවලිය 2-0 ක්‌ ලෙස ඉදිරියෙන් සිටින පාකිස්‌තානය අද තරගයේදීත් ජයග්‍රහණය උදුරාගතහොත් තරගාවලි ජයද කලින්ම වෙන්කර ගනු ලබයි. කෙසේ හෝ තරගාවලි ජය ගැන බලාපොරොත්තු රඳවා ගැනීමට නම් ශ්‍රී ලංකාව අද ප්‍රවේශමෙන් සිය හැකියාව මුවහත් කර ගත යුතුවේ.

දෙවැනි එක්‌දින තරගයේදී ලකුණු 220 ක ජයග්‍රාහී ඉලක්‌කයක්‌ හඹා ගිය ශ්‍රී ලංකාවට ලකුණු 187 කින් සෑහීමකට පත්වන්නට සිදුවුවද එම ලකුණු සංඛ්‍යාවෙන් 112 ක්‌ම උපුල් තරංග ලබා ගැනීම හේතුවෙන් ශ්‍රී ලංකා පිතිකරුවන්ගේ අසාර්ථකත්වය කදිමට පැහැදිලි වේ. උපුල් තරංග සහ ළහිරු තිරිමාන්න හැර අනෙකුත් සියලුම පිතිකරුවන් තරග දෙකේදීම අසාර්ථක වීම හේතුවෙන් මෙම තරගයේදී චාමර කපුගෙදරට ස්‌ථානයක්‌ හිමිවීමට ඉඩ ඇති අතර එසේ වුවහොත් මිලින්ද සිරිවර්ධනට ස්‌ථානය අහිමිවේ.

කුසල් මෙන්ඩිස්‌ද තරග දෙකේදීම එකම ආකාරයෙන් දැවී යාමෙන් ඔහුගේ පිතිකරණ විශ්වාසයද මේ වනවිට බිඳී ගොස්‌ ඇති බවක්‌ පෙනෙන්නට තිබේ.

කෙසේ වෙතත් මේ වසරේදී සහභාගි වූ එක්‌දින තරග 23 කදී ශ්‍රී ලංකාව ජය ගෙන ඇත්තේ තරග හතරක්‌ පමණි. තරග 18 ක්‌ පරාජය වී ඇති ශ්‍රී ලංකාව ඉන් තරග නවයක්‌ම පිට පිටම පරාජයට පත්විය. එබැවින් ශ්‍රී ලංකාව තරගාවලි පරාජය මෙන්ම පිට පිටම දහවැනි පරාජයෙන්ද ගැලවීමේ මෙහෙයුමක නිරතවීමට සිදුව තිබේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

four × four =

To Top