Gossip News | Rajagossip | Latest Gossip | ගොසිප් | rajagossip.lk – Raja Gossip

Sports

එක කණ්ඩායමකට වැඩ පෙන්නපු ලංකාව එකකින් උඩට

rank

පාකිස්තානය හා පැවැති ටෙස්ට් තරගාවලිය 2-0ක් ලෙ ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වීමත් සමග අයි.සී.සී. ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්හි අංක හය දක්වා ඉදිරියට පැමිණිමට ශ්‍රී ලංකාව සමත්ව තිබෙනවා.

අංක හය ස්ථානයේ පසුවූ පාකිස්තනය අංක හත දක්වා පහත බැස තිබෙනවා.

මේ අතර බංග්ලාදේශ කණ්ඩායම හා පැවැති ටෙස්ට් තරගාවලිය 2-0ක් ලෙස දකුණු අප්‍රිකාව ජයගත්තත් ඔවුන්ගේ ස්ථානයේ වෙනසක් සිදුව නැහැ.

දකුණු අප්‍රිකාව ටෙස්ට් ශ්‍රේණිගත කිරීමිහි දෙවැනි ස්ථානයේ පසුවෙන අතර ඉන්දියාව අංක එක හිමිකරගෙන තිබෙනවා.

ටෙස්ට් ශ්‍රේණිගත කිරීම – ඉන්දියාව, දකුණු අප්‍රිකාව, එංලන්තය, නවසීලන්තය, ඔස්ට්‍රේලියාව, ශ්‍රී ලංකාව, පාකිස්තානය, බටහිර ඉන්දීය කොදෙව්, බංග්ලාදේශය සහ සිම්බාබ්වේ.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top