Gossip News | Rajagossip | Latest Gossip | ගොසිප් | rajagossip.lk – Raja Gossip

Gossip

යකඩ කූරකින් මගේ අත – පය – දත් කඩා තට්‌ටු තුනෙන් පාරට තල්ලු කළා

HOUSE MAIDS

තම ආදරණීය සැමියාගේ රැකියාවෙන් දරු දෙදෙනාගේත් සිය බිරිඳගේත් එදිනෙදා වියදම පියවා ගැනීමට නොහැකිවීම හේතුවෙන් යම් කිසි මුදලක්‌ උපයාගෙන තම කැදැල්ල සාරවත් කරගැනීමේ අධිෂ්ඨානයෙන් කුවේට්‌ රාජ්‍යයේ ගෘහ සේවිකාවක්‌ ලෙස සේවයට ගොස්‌ සිටියදී කිසිවකු විසින් තෙමහල් ගොඩනැඟිල්ලකින් මහපාරට තල්ලුකරන ලද චමිලා ස්‌ටෙලාව (වසර 3 1/2 කට ආසන්න කාලයක්‌ එරටේ බැල මෙහෙකාරකම් කරා ආබාධිතයකු ලෙස නැවත ශ්‍රී ලංකාවට එවා ඇත.

හලාවත බටහිර ඉරණවිල පදිංචි චමිලා ස්‌ටෙලා ප්‍රනාන්දු අද ආබාධිත තැනැත්තියකි. ඇයට අද තම මුහුණ කට පිරිසිදු කර ගැනීමට පවා සහයකයෙකුගේ උපකාරයක්‌ අවශ්‍යව ඇත. කෙලින් විනාඩි 2 ක්‌ සිටගෙන සිටීම පවා අසීරු තත්ත්වයකට ඇය පත්කර එවා ඇත. මේ ඇයගේ දුක්‌බර කතාවයි.

මගේ දරු පවුල ගොඩගැනීමට මුදල් ටිකක්‌ හොයාගන්න හිතාන 2014 ජනවාරි මාසයේ කොළඹ සාරංගා විදේශ රැකියා ඒජන්සියෙන් කුවේට්‌ එකේ ජහරා නගරයේ ගෙදරක වැඩට ගියා. එහෙදී මම දරුවන් කීපදෙනෙක්‌ බලාගෙන හොඳින් රැකියාව කළා. මට නියමිත මාසික දීමනාවත් දුන්නා. නමුත් වසර 2 ඉවරවෙලා ගෙදර එන්න මම වසරක මුදල් ඉතිරි කරගෙන බඩු පෙට්‌ටියකුත් හැදුවා. කාලේ හරි නිසා මට යන්න අවස්‌ථාව දෙන්නැයි කීවාම උන් මාව වෙන ගෙදරකට ඇරලුවා.

පසුව ඒ ගෙදර වැඩ කරල දවල් කාලේ මාව ඒ ගෙදරින් කැලෑවක බැටළු කොටුවක්‌ ශුද්ධ කරන්න එක්‌ක යනවා. මම අකමැත්තෙන් ඒකත් කළා. පසුව මම ඒක කරන්න බැහැයි කීවා. මොකද උදේ ගෙදර වැඩ ඉවර කරල දවල් බැටළු කොටුවේ වැඩ කරල රෑ 12-1 වෙනකම් ගෙදර වැඩ කරන්න බැරි නිසා මම බෑ කීවා. ගෙදර යන්න ඕනා කීවා. එදා ඉඳලා බාබා මට ගහන්න පටන්ගත්තා.

ඉන්න බැරි නිසා මම කීවා මාව පරණ ගෙදරට ඇරලවන්න කියල. එතකොට කීවා අපි උඹව මුදල් වලට ගත්තා බැටළුකොටු ශුද්ධ කරන්න කියා. හැම ගොවිපළකම පිරිමි වැඩකළත් මේ කොටුවේ මම තනියම වැඩකරලා රෑ එළිවෙනකං ඒ ළමයවත් බලන්න වුණා. මාස දෙකක්‌ පමණ වැඩකරල මම කීවා මට ගෙදර යන්න ඕනා කියලා.

එදා 2016 ජනවාරි 22 දා රෑ මම 12 ට පමණ ගෙදර වැඩත් ඉවර කරලයි නිදාගන්න ගියේ. ඒ ගෙදරදී යකඩ කූරකින් මට ගහල අතපය කඩල දත් කඩලා මූණ විනාශ කරල තට්‌ටු තුනේ ගෙදරින් පාරට ඇදල දාලා පස්‌සේ කවුරුහරි පොලිසියට දන්වලා තිබෙනවා. මාව ජහරාවල රෝහලට පොලිසියෙන් භාරදීලා. මට සති දෙකකින් පමණ සිහිආවා. ඒත් කල්පනාව තිබුණේ නැහැ. මාස දෙකකින් පමණ පසුව මට ගෙදර ටෙලිෆෝන් නොම්මරය මතක්‌ වුණේ.

එතකොට මට අත්දෙකටයි කකුල් දෙකටයි යකඩ ඇණයි පටියි දමලා. මූණට ප්ලාස්‌ටර් ගහලා. ඊට අමතරව කටේ සේරම දත් මහලයි තිබුණේ. මාස 8 ක්‌ පමණ රෝහලේ ප්‍රතිකාර ලබලා ටිකක්‌ සුව වුණාම නැවත පොලිසියෙන් ඇවිත් මාව කුවේට්‌ එම්බසියට භාරදුන්නා. එහේදී මාව එයාල සහෝදරියක්‌ වගේ බලාගත්තා. මගේ සියලුම වැඩකටයුතු කළේ ඒ අය. මට වෙලා තිබුණ විපත ගැන හැමෝම එකතු වෙලා එහේ අධිකරණයේ නඩුවක්‌ දමලා ඒක ඉවර වෙලයි මාව ලංකාවට එව්වේ.

අද මට මේ අත්දෙකෙන් වැඩක්‌ කරගන්න තියා නිදාගන්නවත් සැනසීමක්‌ නැහැ. යකඩ පතුරු ඇනෙනවා.

කෙලින් ඇවිදගන්න බැහැ. ඔළුව වටේම මහලා. කටේ දත් සේරම මහලා. මේ සේරම එක්‌ස්‌රේ වල විස්‌තර තිබෙනවා.

අධිකරණයෙන් මට කීවේ මේ අයගෙන් වන්දියක්‌ ලබාදෙනවා කියලයි. ඒත් ලැබුණේ නැහැ. මේ අත්වල යකඩ පතුරු ගලවාගන්න ඉස්‌පිරිතාලෙටවත් යන්න මුදලක්‌ නැතිව හිඟන්නියක්‌ වගේයි මම ගුවන්තොටුපළින් එළියට ආවේ.

මගේ මහත්තයයි දරු දෙන්නයි ඒජන්සිවලට ගිහිං විස්‌තර කියල තිබුණත් එයාල හොයල නැහැ. මට ගමේ උදවියට මුහුණ දෙන්න විධියක්‌ නැහැ. මහත්තය ජීවත්වෙලා තියෙන්නේ උන්මත්තකයෙක්‌ වගේ. දරු පැටව් අසරණ වෙලා හූල්ලනවා. මම ඒ රටේදී ගෙදරින් පිට කොහේවත් ගියේ නැහැ. මගේ දරුවන්ගේත් සැමියා ගේත් ගෞරවය රැක්‌කා. ඒත් පසුගිය ආත්මයකදී මං කළ අකුසල කර්මයක්‌ පසුපස එන්න ඇති.

මාදම්පේ – කමල් ප්‍රියංකර

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ten + 12 =

To Top