Gossip News | Rajagossip | Latest Gossip | ගොසිප් | rajagossip.lk – Raja Gossip

Bollywood

මෙලොව හැර ගිය ශ්‍රීදේවිට වටිනාම සම්මානය හිමිවෙයි

Sridevi

ඉන්දීය ජාතික සිනමා සම්මාන උළෙල පසුගියදා පැවැත් වුණා.

මෙම සම්මාන උළෙලේදී මෑතකදී ජීවිතක්ෂයට පත්වුනු ජනප්‍රිය චිත්‍රපට රංගන ශිල්පිනී ශ්‍රීදේවි කපූර්ට සම්මානයක් හිමිවීම විශේෂ සිදුවීමක් බවට පත්වුණා.

සම්මාන රාශියක් දිනාගෙන ඇති ශ්‍රීදේවිට ඉන්දීය ජාතික සිනමා උළෙලකදී හොදම නිළිය සම්මානය මීට පෙර කිසිදු අවස්ථාවකදී දිනා තිබුණේ නැහැ.

ඇයට මෙම සම්මානය හිමි වූයේ ගෙඃරවයක් වශයෙන් නොවන බැවින් එය ඇගේ රංගන කුසලතාවයට බවයි ඉන්දීය ජාතික සිනමා සම්මාන උළෙලේ සංවිධායකයින් ප්‍රකාශ කළේ.

ඒ අනුව ශ්‍රීදේවිට හිමිවූයේ 65වන ජාතික සම්මාන උළෙලේ හොදම නිළියට හිමි සම්මානයයි.

ඒ ‘MOM’ (මෝම්) චිත්‍රපටයේ විශිෂ්ඨ රංගනය වෙනුවෙන්.

‘MOM’ චිත්‍රපටය හින්දියෙන් නිෂ්පාදනය කෙරෙනු අතර, පසුව එය දෙමළ, තෙළිගු සහ මළයාලම් යන භාෂාවලින්ද රිදී තිරයට ගෙන එනු ලැබුවා.

මෙහි තවත් විශේෂත්වයක් වන්නේ අදාළ සියලු භාෂාවල ශ්‍රීදේවිගේ කටහඩට හඩකවනු ලැබුවේ ඇය විසින්මයි.

 

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top