Gossip News | Rajagossip | Latest Gossip | ගොසිප් | rajagossip.lk – Raja Gossip

Sports

මුත්තයියත් ගහපු සුපිරි මැච් එකේ දසුන්ට ආච්චි වැහිලා හයේවා 8ක් ගහලා

සිංගප්පුර් විස්සයි විස්ස තරගාවලයේ Singhalese Sports Club කණ්ඩායම හා Singapore Emerging Stars කණ්ඩායම අතර පැවැති තරගයෙන් ඩක්වත් ලුවිස් න්‍යාය අනුව ලකුණු 36ක ජයක් ලැබීමට Singhalese Sports Club කණ්ඩායම සමත් වුනා.

එහිදී පළමුවෙන් පන්දුවට පහරදුන් Singhalese Sports Club කන්ඩායම පන්දුවාර 17ක් තුළ කඩුලු 04ක් පමණක් දැවී ලකුණු 192ක් රැස් කර ගැනීමට සමත්වුනා.

Singhalese Sports Club කණ්ඩායම වෙනුවෙන් දසුන් ශානක පන්දු 27ක් තුළදී හයේ පහර 08ක් හා හතරේ පහර 05ක් සමගින් ලකුනු 79ක් රැස් කිරීමට සමත්වුනා..

එම තරගාවලියට හිටපු ක‍්‍රිකට් ක‍්‍රීඩකයින් කිහිදෙනෙකුම සහභාගි වන අතර ශ‍්‍රී ලංකා කණ්ඩායමේ හිටපු දග පන්දු යවන ක‍්‍රීඩක මුත්තයියා මුරලිදරන් ක‍්‍රීඩා කිරීමද වීශේෂත්වයක්.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top