Gossip News | Rajagossip | Latest Gossip | ගොසිප් | rajagossip.lk – Raja Gossip

News Line

කොළඹ කොටුව එකම යුධ පිටියක්. හදිසි දුම්රිය වර්ජනයට මගීන්ගෙන් විශාල විරෝධයක්

අද (08) සවස 3ට දුම්රිය ස්ථානාධිපතිවරුන්, නියමකවරුන්, පාලකවරුන් සහ රියදුරන් විසින් ආරම්භ කරන ලද වැඩවර්ජනයක් හේතුවෙන් කුපිත වූ නිවෙස් කරා යාමට පැමිණි දුම්රිය මගීන් කොළඹ කොටුව දුම්රිය ස්ථානය සහ ඉදිරිපස මාර්ගය අවහිර කරමින් විරෝධතාවයක් පල කර සිටියා.

මේ වන විට කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට පිහිටි ඕල්කට්මාවතේ මං තීරු දෙකම දුම්රිය මගීන් විසින් අවහිර කර තිබේ.

ඒ අනුව අද පස්වරු 03.00 ට ආරම්භ කල මෙම වර්ජනය සඳහා දුම්රිය ස්ථානාධිපතිවරුන්, නියමකවරුන්, පාලකවරුන් සහ රියදුරන් එක්ව සිටින බව දුම්රිය රියදුරන්ගේ සංගමයේ ලේකම් ඉන්දික දොඩංගොඩ මහතා සඳහන් කළේය.

වැටුප් ගැටලුව සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලයේදී පසුගියදා අනුමත කරන ලද අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාගේ ඉල්ලීම පරිදි ජනාධිපතිවරයා විසින් අත්හිටුවා ඇති බවට ප්‍රවාහන අමාත්‍යාංශ ලේකම්වරයා විසින් දැනුම් දීමත් සමඟ වෘත්තිය සමිති මෙම වර්ජනය ක්‍රියාත්මක කිරීමට තීරණය කළේය.

ආවේගශීලීව කඳුළු සලමින් මාධ්‍යවෙත අදහස් දැක්වූ මගීන් කියා සිටියේ මාසික වාර ප්‍රවේශපත්‍ර බාවිතයෙන් ගමන් කරන නිසා තමන්ට නිවෙස් කරා ගමන් කිරීමට මුදල් ද නොමැති බවයි.

දුම්රිය වාර ප්‍රවේශ පත්‍ර හිමි මගී ජනතාවට එය ඉදිරිපත් කර කිසිදු ගෙවීමක් සිදු නොකර ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් බස් රථවලින් තම ගමනාන්තය වෙත යා හැකි බව ප්‍රවාහන අමාත්‍යාංශය දැනුම් දීමක් කර ඇත.

දැන් දැන් වෛද්‍යවරුන් අහිංසක රෝගීන් ඇපයට ගනිමින් හා දුම්රිය සේවකයන් මගීන් ඇපයට ගනිමින් තමන්ගේ පටු අරමුණුවලට කරන වැඩවර්ජන සඳහා කොන්ද කෙලින් තියාගෙන තීරණ ගැනීමට ආණ්ඩුවට හැකියාවක් නොමැති බවට මහජනතාව චෝදනා කරනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

sixteen − seven =

To Top