Gossip News | Rajagossip | Latest Gossip | ගොසිප් | rajagossip.lk – Raja Gossip

News Line

ගංවතුර බලන්න ගිය තරුණයා හදිසියේම වතුරට පැනලා ජීවිතය නැතිකරගෙන

suicide

ධාරානිපාත වර්ෂාව නිසා හටගත් ගංවතුර බැලීම සඳහා වෙන්නප්පුව ලුණුවිල ප්‍රධාන යකඩ පාලම මතට වී තම ජංගම දුරකථනයෙන් ඡායාරූප ගනිමින් හා ඇමතුම් ලබාදෙමින් සිටි තරුණයෙක්‌ එක්‌වරම එම පාලමෙන් දියට පැන ඇතත් ඔහුගේ සිරුර මෙතෙක්‌ සොයාගත නොහැකිව ඇතැයි වෙන්නප්පුව පොලිසිය පවසනවා.

මේ මස 22 වැනි දින සවස 4.00 ට මෙම සිද්ධිය සිදුවී ඇති අතර අදාළ තරුණයා තවත් හිතවතුන් පිරිසක්‌ද සමග ගංවතුර බලමින් සිටියදී එක්‌වරම දියට පැන ඇත්තේ ප්‍රේම සම්බන්ධයක්‌ මත ඇතිවූ හදිසි හිත් වේදනාවක්‌ මත බවද විශ්වාස කෙරෙනවා.

මෙම සිද්ධියෙන් දැනට අතුරුදන්ව ඇති තරුණයා වෙන්නප්පුව ප්‍රධාන පෙළේ විදුහලක ඉගෙනුම ලබන ආර්. එම්. ලක්‍ෂාන් නමැති 17 හැවිරිදි අයෙක්‌ වන අතර ඔහුගේ පදිංචි ලිපිනය වනුයේ පීරිස්‌ වත්ත ලුණුවිල බවද පොලිසිය පවසනවා.

ලුණුවිල පාලම මතින් වතුරට පැනීමට පෙර එම තරුණයා අත තිබූ ජංගම දුරකථනය තම පෙම්වතිය දෙන්නැයි අසල සිටි අයෙකුට දී ඇති බවද ආරංචි මාර්ග පෙන්වා දෙනවා.

මියගිය තරුණයාගේ සිරුර සෙවීමට වෙන්නප්පුව පොලිසිය හා ගම්වාසීන් මේ දක්‌වා ගත් උත්සාහයන් ව්‍යර්ථ වී ඇත්තේ ධාරානිපාත වර්ෂාව හා අධික ගංවතුර හේතුවෙන්.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

3 × five =

To Top