Gossip News | Rajagossip | Latest Gossip | ගොසිප් | rajagossip.lk – Raja Gossip

Sports

අම්බටි රායඩූගේ ගැහිල්ලෙන් දෝනි බේරෙයි – සුද්දියොත් නටලා – මුරලිගේ ටීම් එක එකේමයි

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 46 වැනි තරගය අද පස්වරුවේ පැවැත් වුනේ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සහ සන්රයිස් හයිද්‍රාබාද් කණ්ඩායම අතරයි.

මේ තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් සන්රයිස් හයිද්‍රාබාද් කණ්ඩායම පන්දුවාර විස්ස තුළ කඩුළු 4ක් දැවී ලකුණු 179ක් රුස්කර ගත්තා.

එහිදී ශිකර් ධවාන් ලකුණු 79ක් සහ කේන් විලියම්සන් 51ක් ලබාගැනීමට සමත් වුණා.

අනතුරුව පිටියට පැමිණි චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම පන්දුවාර 19කදී කඩුළු 2ක් පමණක් දැවී ලකුණු 180ක් ලබාගෙන තරගයේ ජය වාර්තා කළා.

එහිදී ප්‍රවේගකාරී පිතිහරඹයක නිරත වුන අම්බටි රායඩු පන්දු 62කදී හයේ පහර 7ක් සහ හතරේ පහර 7ක් සමගින් නොදැවී ලකුණු 100ක් ලබාගැනීමට සමත් වුණා.

ඒ අනුව චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම කඩුළු 8ක් ජයක් හිමිවුන අතර, ප්‍රසාද ලකුණු සටහනේ තවදුරටත් ඔවුන් දෙවන ස්ථානයේ රුදී සිටිනවා.

මුරලි පන්දුයැවීමේ පුහුණුකරු ලෙස කටයුතු කරන සන්රයිස් හයිද්‍රාබාද් කණ්ඩායම ප්‍රථම ස්ථානයේ රුදී සිටිනවා.

අම්බටි රායඩුගේ සුපිරි ගැහිල්ල පහතින් බලන්න…

මෙම තරගයේ විශේෂ අවස්ථා සහිත වීඩියෝව පහතින් බලන්න…

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

5 × 5 =

To Top