Gossip News | Rajagossip | Latest Gossip | ගොසිප් | rajagossip.lk – Raja Gossip

Sports

මෙන්න බලනවා නම් මැච් – හයේ පහර 38යි

Super Six

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තවත් ප්‍රවේගකාරී තරග 2ක් ඊයේ දිනයේ පැවැත් වුණා. පළමු තරගය පැවැත් වුණේ රාජස්ථාන් රෝයල් කණ්ඩායම සහ රෝයල් චැලෙන්ජර්ස් බැංගලූර් කණ්ඩායම අතරයි. දෙවන තරගය පැවැත් වුනේ චෙන්නායි සුපර් කිංගස් කණ්ඩායම සහ කිංගස් ලෙවන් පන්ජාබ් කණ්ඩායම අතරයි.

රෝයල් චැලෙන්ජර්ස් බැංගලූර් කණ්ඩායම සහ රාජස්ථාන් රෝයල් කණ්ඩායම අතර පැවැති තරගයේදි මුලින්ම පන්දුවට පහර දුන් රාජස්ථාන් කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුළු 4ක් පමණක් දැවී ලකුණු 214ක් රුස්කර ගැනීමට සමත් වුණා.

එහිදී Sanju Samson පන්දු 45කදී හයේ පහර 10ක් සහ හතරේ  පහර 2ක් සමගින් ලකුණු 92ක් ලබාගත්තා.

අනතුරුව පිටියට පැමිණි විරාට් කෝලිගේ නායකත්වයෙන් යුත් බැංගලූර් කණ්ඩායම පන්දුවාර 20 තුළ කඩුළු 6ක් දැවී ලබාගැනීමට හැකි වූයේ ලකුණු 198ක් පමණයි.

ඒ අනුව රාජස්ථාන් කණ්ඩායම එම තරගය ලකුණු 19කින් ජයග්‍රහණය කළා.

එම තරඟයේ වීඩියෝ දර්ශන පහතින් බලන්න..

ඊයේ දිනයේ දෙවන තරගය පැවැත් වුනේ චෙන්නායි කණ්ඩායම සහ පන්ජාබ් කණ්ඩායම අතරයි.

මේ තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් කිංගස් ලෙවන් පන්ජාබ් කණ්ඩායම පන්දුවාර 20 තුළ කඩුළු 7ක් දැවී ලකුණු 197ක් රුස්කර ගත්තා.

එහිදී ක්‍රිස්ගේල් ලකුණු 67ක් ලබාගත්තේ හයේ පහර 7ක් සමගින්.

අනතුරුව පිටියට පැමිණි චෙන්නායි කණ්ඩායම අවසන් පන්දුවාරය දක්වා තියුණු සටනක නිරත වූවත් ඔවුන්ට රුස්කර ගැනීමට හැකිවූයේ ලකුණු 193ක් පමණයි.

චෙන්නායි කණ්ඩායමේ නායක මහේන්ද්‍ර සිං දෝනි නොදැවී හයේ පහර 5ක් සහ හතරේ පහර 6ක් ද සමග ලකුණු 79ක් රුස්කර ගැනීමට සමත් වුණා.

එම තරගයේ වීඩියෝ දර්ශන පහතින් බලන්න…


 

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

four × one =

To Top