Gossip News | Rajagossip | Latest Gossip | ගොසිප් | rajagossip.lk – Raja Gossip

Gossip

සුරාජ් වෙනස් වුනේ නැහැ

Suraj Randiv

ක‍්‍රිකට් තරු බබළවන ඔවුන්ගේ සුන්දර ආදරණීය බිරින්දෑවරු මීවිතට කියන කතාවයි කඩුල්ල පිටුපස. අද මීවිත කතා බහ සුරාජ් රන්දිව් ගේ ආදරණිය බිරිඳ ජීවනී බුද්ධිකා කළුපහන සමග.

සුරාජ් රන්දිව් සැමියාවූ පසුවත් පෙම්වතාමද

ඔව්. එයා නං වෙනස් වුණේ නැහැ. අදටත් පෙම්වතෙක් වෙලා හිටපු කාලේ වගේම තමයි. කෝල් කරන දේවල් නං ටිකක් අඩුයි. මොකද දැන් ආදරය කරන කාලේ වගේ දෙතැනක නෙමෙයිනේ ඉන්නේ. කෝල් වල අඩුවක් වුණාට ආදරය, හොයලා බලන දේවල්, අපිත් එක්ක කාලය ගතකරන දේවල් වගේ ගතිගුණ වල නං කිසිම වෙනසක් නෑ. එදා වගේම තමයි.

සුරාජ් ට නැතුවම බැරි කවුද

මමයි බබාලා දෙන්නවයි නං එයාට නැතුවම බෑ. පොඞ්ඩකට හරි එළියට ගියොත් පොඩි දෙන්නත් එයාව හොයනවා. සුරාජ්ටත් පොඩි දෙන්නා නැතුව බෑ. ඒ වගේම සුරාජ් ගේ අම්මා එයාගේ පවුලේ අය ඉතිං නැතුවම බෑ. කොහොමත් සුරාජ්ට පවුලේ අය තමයි නැතුවම බැහැ.

ගෙදර වැඩවලට දක්වන සහයෝගය

මට හැමදේටම ලොකු සහයෝගයක් තියෙනවා. මම තනියෙන් කිසිම දෙයක් කරන්නේ නෑ, සුරාජ් එක්ක එකතුවෙලා තමයි හැමදේම කරන්නේ. සුරාජ් මට හැමදේටම උදව් කරනවා.

ක‍්‍රිකට් ඇරුණුකොට දක්ෂ වෙනත් ක්ෂේත‍්‍ර

ගායනයට දක්ෂයි. මම දන්න විදිහට චිත‍්‍ර අඳින්නත් පුළුවන්. සෞන්දර්ය පැත්තට හුඟක් දක්ෂයි.

කැමැතිම ගායකයා

චන්දන ලියනාරච්චිට හුඟක් කැමැතියි.

ගෙදර ඉන්න ලැබුණොත්

ගෙදර ඉන්න ලැබුණොත් නම් ගොඩක් වෙලාවට පොඩි අය එක්ක තමයි ඉන්නේ. මොකද ගෙදර වැඩිය රැඳෙන්නේ නැති හින්දා ගෙදර ඉන්න වෙලාවට එයා පොඩි දෙන්නට මුල් තැන දීල තමයි කටයුතු කරන්නේ.

එහෙමත් නැත්නම් විවේකයක් ලැබුණොත් චිත‍්‍රපට බලනවා.

දැන් නං හොලිවුඞ් චිත‍්‍රපට ටිකක් වැඩිපුර බලනවා. ඉස්සර වැඩිපුර බැලූවේ හින්දි චිත‍්‍රපට.

විලාසිතා ගැන තියෙන උනන්දුව

එහෙම ලොකුවට ඒ දේවල් පස්සේ යන්නේ නෑ. එයාට ගැලපෙන විලාසිතා කරනවා. ඒ හැරුණම සරලව ඉන්න තමයි හුඟාක් කැමැති.

ඔහුගේ අකමැතිම ගතිගුණය

අමතක වෙන එක. එක දෙයක් තුන් හතර වතාවක් වත් කියන්න ඕනෑ. පොදුවේ ගත්තොත් අමතක වෙන ප‍්‍රශ්නේ තමයි තියෙන්නේ. මොකක්හරි දෙයක් කිව්වොත් පැයක් ඇතුළත තුන් හතර සැරයක්වත් මතක් කරලා තමයි ඒ දේ කරගන්න ඕනෑ.

කැමැතිම ගතිගුණය

හරිම නිදහස් මනසක් තියෙන කෙනෙක්. කිසිම දේකට වැඩිය ඇලිලා නැහැ. එ් දේවල් එක්ක වැඩිය ගැටෙන්නේ නැහැ. හරි නිරවුල් මනසකින් තමයි හැමවෙලේම කටයුතු කරන්නේ. කේන්ති යනවා වුණත් හරි අඩුයි.

කේන්ති ගියොත්

කතා කරන්නේ නැතුව ඉන්නවා. කතා නොකර එහෙම ඉන්නකොට අපි දන්නවා ටිකක් කේන්තියෙන් කියලා. හැබැයි කේන්ති යනවා හරි අඩුයි.

ළඟම යාළුවා කවුද

ඉස්කෝලේ යන කාලේ ඉඳන් හිටපු ගමේ ඉඳලා ඉන්න යාළුවෙක් ඉන්නවා තිලිණ කියලා.

පරණ පෙම්වතියන් ගැන විස්තර කියන්නේ නැද්ද

එයා එහෙම ලොකුවට ඒ දේවල් ගැන කියන්නෙත් නෑ. මම ඒ දේවල් ගැන අහන්න යන්නෙත් නෑ. දන්න දේවල් ටික දන්න මට්ටමින් දැනගෙන ඉන්නවා එච්චරයි. අපි දෙන්නා අපි දෙන්නට ආදරෙන් ඉන්නවා, එච්චරයි.

පෙම්වතුන් වුණෙ

අපි ඇත්තටම හොඳ යාළුවෝ දෙන්නෙක් විදිහට හිටියේ. එතකොට එහෙම වෙන අදහසක් තිබුණා කියලා හිතන්න බැහැ. පස්සේ කලෙක සුරාජ් තමයි ඇහුවේ මෙහෙම අදහසක් තියෙනවා කැමැතිද කියලා. මම කවදාවත් හිතුවෙත් නෑ සුරාජ් මගෙන් එහෙම දෙයක් අහයි කියලා. අන්තිමට ඉතිං මාත් කැමැතිවුණා.

මුලින්ම දුන්න තෑග්ග මතකද?

සුරාජ් මට ඉස්සෙල්ලම දුන්නේ අත් ඔරලෝසුවක්. ඒක මගේ ළඟ තවමත් තියෙනවා.

යුගන්ති යශෝධරා

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

4 + 7 =

To Top