Gossip News | Rajagossip | Latest Gossip | ගොසිප් | rajagossip.lk – Raja Gossip

Bollywood

සුෂ්මිතාට වෙච්ච අතවරය – ඇත්තටම මට පුදුම හිතුණා.. අවුරුදු පහළොවක විතර පොඩි කොල්ලෙක්..

Sushmita Sen

‘‘හුඟක් දෙනෙක් හිතාගෙන ඉන්නෙ බොඩි ගාර්ඞ්ස්ලා ඉන්න හින්දා අපිට පිරිමින්ගෙන් අතවර සිද්ද වෙන්නෙ නෑ කියලා.. ඒත් බොඩි ගාර්ඞ්ලා දහයක් හිටියත් අතවර සිද්ද වෙන වෙලාවල් තියෙනවා..’’

සුෂ්මිතා සෙන් එසේ පැවසුවේ කාන්තා අතවරවලට එරෙහිව පැවති රැස්වීමකදී අදහස් දක්වමින්.

‘‘මාස හයකට විතර ඉස්සර දවසක සම්මාන උත්සවයකදී සෙනඟ මැද්දෙන් ගමන් කරනකොට මට දැනුණා පිරිමියෙක් අනවශ්‍ය විදියට මගෙ ඇඟට තෙරපෙනවා කියලා.. මම එක පාරටම පිටිපස්සට අත යවලා එයාව අල්ලා ගත්තා.. ඇත්තටම මට පුදුම හිතුණා.. අවුරුදු පහළොවක විතර පොඩි කොල්ලෙක්.. මම කෑ ගැහැව්වෙත් බැන්නෙවත් නෑ.. මොකද මම එහෙම කළා නම් ඒ පොඩි කොල්ලගෙ ජිවිතේ එතනින් ඉවරයි.. ඒ හින්දා මම පැත්තකට එක්කරගෙන ගිහින් එයාට තදින් අවවාද කළා.. මුලින් වරද පිළි ගත්තෙ නෑ.. පස්සෙ මම තදින්ම කියනකොට පිළි ගන්න සිද්ද වුණා.. එයා පොරොන්දු වුණා කවදාවත් ආයෙ එහෙම දෙයක් කරන්නෙ නෑ කියලා.. ඒත් මම එක දෙයක් තේරුම් ගත්තා.. කොතනකදී වුණත් කාගෙන් හරි කාන්තාවකට අතවරයක් සිද්ද වෙන්න පුළුවන්.. ඒවා වළක්වා ගන්න පුළුවන් වෙන්නෙත් තමන්ටමයි..’’

මේ හතළිස් දෙහැවිරිදි නිළිය පවසන්නීය.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

4 × 3 =

To Top