Gossip News | Rajagossip | Latest Gossip | ගොසිප් | rajagossip.lk – Raja Gossip

Entertainment

“මම මේ දවස්වල ගොඩක් ආදරේ විඳිනවා”

teena

මේ දවස්වල “දේදුනු ආකාසේ” චිත්‍රපටයෙ “පවනි” චරිතය එක්ක සිනමා නිළියක් වෙච්ච ටීනා දැන් තව තවත් ආදරණීය වෙලා. ඉතින් ටීනා රතුරෝසට ගොඩවුණේ එයාගේ අලුත් විස්තරේ කියන්නයි.

ටීනාගේ චිත්‍රපට හීනෙත් ඔන්න හැබෑ වෙලා ?
ඔව්, ගොඩක් සතුටුයි. ප්‍රියන්ත කොළඹගේ අයියගේ අලුත්ම චිත්‍රපටය “දේදුනු ආකාසේ” හරහා මට ඒ හීනෙ හැබෑවක් වුණා.

හීන වුණත් හැබෑ කරගන්න කැපවීම ඕනැනේ ?
ඒක ඇත්ත. මොඩිල් කෙනෙක් විදියට කාලයක් ලබපු පුහුණුවත් චිත්‍රපටයක රගපාන්න උදවු වුණා. මොකද මමයි, චුලක්ෂියි දෙන්නම මොඩ්ලින්වල කාලයක් වැඩ කරපු අය.

ඒ කොහොම වුණත් ගොඩක් අය දෙන්නව අවුලන්න හදනවා නේද ?
මෙහෙම ගැහැනු ළමයි අතරේ ඊර්ෂ්‍යාව තියෙන්න පුළුවන්. ඒත් මායි, චුලක්ෂියි ගොඩක් හොද යාළුවෝ. ඒ හින්දම පවනිගෙ චරිතයයි, විහංගිගෙ චරිතයයි හොදින් කරන්න ඒ යාළුකම බලපෑවා. අනෙක චුලක්ෂිට ලොකු ඇගයීමක් ලැබුණා නම් එහෙම කියලා මගෙ අසතුටක් නෑ.

ගොඩක් අය ටීනාව කොට ඇදුමට හිරකළා. හැබැයි මේ චිත්‍රපටයෙදී සාරියක් අදින්න වුණා නේද ?
මේ ඔක්කොම ප්‍රියන්ත අයියගේ තිර පිටපතට ඕනෑ විදියටයි ඇදුම් පැලදුම් අදින්න සිද්ධ වුණේ. ඕව්. ටීනා සාරියකින් දකින එකත් වෙනස් අත්දැකීමක් වෙන්න ඇති.

මොඩ්ල් ඉන්ඩස්ට්‍රියෙ අය ටීනගෙ ඇක්ටින් ගැන මොකද කියන්නේ ?
ගොඩක් අය මට කතා කරලා හොද කිව්වා. මුල්ම වැඩෙන්ම එහෙම ප්‍රතිචාර ලැබෙන එක ලොකු දෙයක්.

මෙහෙම ගිහින් සිනාමවේ තරු අතර දිගටම වැඩ පෙන්වයිද දන්නෙ නෑ ?
මට දැනට චිත්‍රපට හතරකට කතා කරලා තියෙනවා. චිත්‍රපට දෙකකට ඕකේ එක දුන්නා. එකක් හොල්මන් කතාවක්.

ඒ කියන්නේ ඊළගට ටීනා හැමෝම හොල්මන් වෙන වැඩක් කරයි නේද ?
බලන් ඉන්නකො.

දේදුනු ආකාසේ පවනිගෙ චරිතයට වෙච්ච දේ ඇත්තටම ටීනාට මුහුණ දෙන්න වුණොත් ආදරය කැප කරනවද ?
ඔව්, මම පවනි නම් ඒ විදියටම ආදරය කැප කරනවා.

චිත්‍රපටයේ ජනප්‍රියත්වයත් එක්කම ටීනා දැන් ආදරෙත් ගොඩක් විදිනවලු නේද ?
මම මේ දවස්වල ගොඩක් ආදරේ විදිනවා.

නිශ්ශංක මුවර්

 

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

three × 4 =

To Top