Gossip News | Rajagossip | Latest Gossip | ගොසිප් | rajagossip.lk – Raja Gossip

News Line

ජනපතිටම කියන්න ඕනෙම “ජනපතිට කියන්න” මහා වංචාව

ශ්‍රී ලංකාව කියන්නේ හරිම අරුම පුදුම රටක්. දේශපාලන අවශ්‍යතා සඳහා මහජන ඡන්දයෙන් පැමිණෙන මහජන නියෝජිතයින් පක්ෂ මාරු කරමින් තම දේශපාලන ඉනිමගේ ඉහලට යන්නේ තමාට ඡන්දය ලබා දුන් මහජනයාම මුලාවක දමමින්. මේ ගමනේදී කාලයෙන් කාලයට මහජනතාව මුලා කිරීම සඳහාම වූ ප්‍රදර්ශනාත්ම සේවාවන් හඳුන්වා දෙන්නේ අර ඡන්දය ලබා දුන් ජනතාවම ගොනාට අන්දවමින්.

2015 ජනාධිපතිවරණයට පසුව මහජනයාට තිබෙන පැමිණිලි පහසුවෙන්ම ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත ගොනු කිරීම සඳහා “ජනපතිට කියන්න” යනුවෙන් විශේෂ මහජන සේවාවක් ආරම්හ කරනු ලැබුවා. අද වන විට වසර 4ක් ගතවී, මෙම සේවාව පවත්වාගෙන යාම සඳහා මසකට මහජන මුදල් මිලියන ගණනක් වියදම් කරන අතර 2,000 කට අධික සේවා නිලධාරීන් පිරිසක් සහ 3000 කට ආසන්න අමාත්‍යාංශය වලට අනුබද්ධ නිලධාරීන් පිරිසක් සේවය කරමින් සිටිනවා. මිට අමතරව ජනාධිපති කාර්යාලයට අනුබද්ධව 50කට ආසන්න නිලධාරීන් පිරිසක් සේවය කරනවා.

ජනපතිට කියන්න සේවාව සඳහා 2016 ජනවාරි 08 වෙනිදා සිට මේ දක්වා 230,000 ආසන්න මහජන පැමිණිලි සංඛ්‍යාවාක් ලැබී ඇති අතර 190,000 කට ආසන්න පැමිණිලි ප්‍රමාණයක් තවමත් කිසිම විසඳුමක් නැතිව මහජන මුදල් කාදමමින් කල්මරමින් ලිපිගොනු ඇතුලත සිරවී තිබෙන බවටයි රජ ගොසිප් අපහට වාර්තා වන්නේ.

කිසිම විටක මෙම “ජනපතිට කියන්න” විශේෂ සේවාව විවේචනය කිරීමට අප සුදානම් නැත. යම්කිසි සේවාවක් ආරම්භ කල විදිහටම කාර්යක්ෂමව එම සේවාව පවත්වාගෙන යාම නිලධාරීන්ගේ සහ ජනාධිපති ලේකම් වරයාගේ ප්‍රමුඛ වගකීමක් බවට මතක් කර දීමට පමණක් අපි කැමැත්තෙමු. අදාල නිළධාරීන්ගේ වේතන, ගමනාගමන සඳහා අනුයුක්ත කරන ලද රථවාහන, අන්තර්ජාල පහසුකම්, දුරකථන පහසුකම්, සේවා ස්ථාන පහසුකම්, කෑම බිම සඳහා වන වියදම් පමණක් අදාල දිනයට, වෙලාවට ගෙවීම සඳහා වන වගකීම පමණක් ගැනීමෙන් සිදුවන්නේ අමාරුවෙන් හම්බකර රජයට ගෙවන බදු මුදල් විනාශ කර දැමීමක් පමණයි.

අතිගරු ජනාධිපතිතුමනි, මුදල් වැයකරමින් මෙම ලිපිය පත්තරේ පලකරන්න හැකියාවක් නොමැත. මේ ඔබගේ අවධානය පිණිසයි.

අදාල නිලධාරීන්ට පෙනෙන්න පුළුවන් තරම් share කරන්න…..

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

one × 2 =

To Top