Gossip News | Rajagossip | Latest Gossip | ගොසිප් | rajagossip.lk – Raja Gossip

Gossip

මහජන මුදල් කොටි ගණනින් වැයකර තලවතුගොඩ ඉදිකරන ඉදිකිරීමක් ගිලාබසි

UPDATE:

අප විසින් හෙළිදරව් කරන ලද ගිලාබසින තලවතුගොඩ ඉදිකිරිම ගැන ඇමති පාටලී චම්පික අදහස් දැක්වුයේ මෙසේ;

මේ සම්බන්ධයෙන් පලකරන ලද පුවත පහතින් කියවන්න,

අලුතෙන් රජයක් පත්වූ විගසම පසුගිය රජයේ හොරකම්, නාස්ති කල මුදල් පිළිබඳ විශාලා මාධ්‍ය සංදර්ශන සමග හෙළිදරව් කරනවා. නමුත් කාලයත් සමග නව රජයද පසුගිය රජය මෙන් මුදල් නාස්ති කරන්නේ බඩු හෝදන මිනිහගේ අතින් තමයි පිගන් බිදෙන්නේ කියමනි.

අද අපි හෙළිදරව් කරන්න යන්නේ මහජන මුදල් කොටි ගණනනි වැය කිරීමෙන් තලවතුගොඩ කිඹුලාවල හන්දියේ, එහෙමත් නැත්නම් පාර්ලිමේන්තු පාරෙන් ජපන් මිත්‍රත්ව මාර්ගය ඔස්සේ තලවතුගොඩට පැමිණෙන විට වැටෙන හන්දියේ දියවන්නා ජලය මත ඉදිකෙරෙන ගොඩනැගිල්ලකට අත්වූ අවාසනාවන්ත ඉරණමක් පිළිබඳවයි.

පසුගිය රජය සමයේ පිටකොටුවේ කුණු ඇල ප්‍රතිසංස්කරණ කරමින් ඉදිකෙරුණු පාවෙන කඩ සාප්පු සංකිර්ණයට සමාන වූ මෙම නිර්මාණය ජලය මත ඉදිකෙරුණු ඉතාමත් නවීන නිර්මාණය බව නිසැකය. දින කිහිපයකට මත්තෙන් රාජ්‍ය නිලධාරී රැසකගේ අධීක්ෂණයට ලක්වූ මෙම ගොඩනැගිල්ලේ ඉදිකිරීම් අවසාන වීමට ඉතිරිවී තිබුනේ තව ටික දිනකි.

අවාසනාවකට පිටකොටුවේ පාවෙන කඩ සාප්පු කිහිපයකට අත්වූ ඉරණමට සමාන ඉරණමක් මේ වනවිටත් එම ගොඩනැගිල්ලට අත්වි හමාරය. ගොඩනැගිල්ල පසුපසින් ගිලාබසිමට ලක්වී දැන් සති දෙකකට අසන්නයි. පෙරේදා (19) දිනයේ සිට එක දිගට කඩාහැලෙන අධික වර්ෂාපතනය නිසා මේ වනවිටත් මේ ගොඩනැගිල්ල අඩි කිහිපයකින්ම යටවී ඇත.

ගිලා බැසීම වලක්වාලීම සඳහා ගොඩනැගිල්ලේ කොනක සිටවන ලද කණුවක ආධාරයෙන් එහි අත්තිවාරම දම්වැල් මගින් ගැටගසා තිබෙන ආකාරය හා ගොඩනැගිල්ල වටේම හිස් ප්ලාස්ටික් බැරල් රඳවා තිබෙන ආකාරයද එහි ගිය අපගේ කණ්ඩායමට දැක ගැනීමට හැකිවිය. නමුත් දියවන්නාවේ ජලමට්ටම වැඩිවීම නිසා ලීයෙන් නිමවූ පොලව සම්පුර්ණන්ම ජලයෙන් යටවී තිබේ.

මේ සම්බන්දයෙන් අප විසින් නාගරික සංවර්ධනය අධිකාරියේ ප්‍රකාශිකාවක් සම්බන්ධ කරගත් අතර ඇය කියා සිටියේ මෙම ඉදිකිරිම නාගරික සංවර්ධනය අධිකාරියට අයත් නොවන බවය. අමාත්‍යාංශය කිහිපයක් ඇමතු අපගේ කණ්ඩායමට අවසානයේ සිදුවුයේ මෙම ඉදිකිරිම කාටවත් අයත් නොවන එකක් බවට සිතා ගැනීමටය. මහජන මුදල් කොටි ගණනින් මෙසේ අපතේ යාමට වගකිවයුතු පුද්ගලයන් කවුරුද? පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්‌ගේ නිලනිවාස පිහිටා තිබෙන්නේ මෙම ස්ථානයේ සිට ඇවිදින දුරක වුවත් කිසිම මන්ත්‍රී කෙනෙකු මේ සම්බන්ධයෙන් මෙතෙක් කතා කර නොමැත.

© Copyrighted by Raja Gossip (ALPHARED PVT LTD.)

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

2 × 5 =

To Top