Gossip News | Rajagossip | Latest Gossip | ගොසිප් | rajagossip.lk – Raja Gossip

News Line

ලොක්කා අත්හැරිය වැලි ලොරියට විරුද්ධව ගිනිඅවිය අත ගත් පොලිස් සාජන්ට්

පසුගිය 29 වෙනිදා රාත්‍රියේ තෙබුවන ප්‍රදේශ‍යෙදී අත්අඩංගුවට ගත් අනවසර වැලි ලොරියක් පසුදින පොලිස් ස්ථානාධිපතිවරයා විසින් බලපත්‍ර තිබෙන බවට ප්‍රකාශ කරමින් මුදා හැරීමට විරෝධත්වය පළකරමින් T-56 ගිනිඅවියක් රැගෙන තෙබුවන පොලිසියට අනුයුක්ත සැරයන්වරයෙකු තෙබුවන මංසන්දියට පැමිණ තිබුනා. මෙහිදී තත්වය පාලනය කිරීමට කොට්ටාශ භාර පොලිසි අධිකාරීවරයා සහ විශේෂ කාර්ය බලකාය එම ස්ථානයට කැඳවා තිබුනා.

මෙහිදී විශේෂ කාර්ය බලකායේ නිලධාරියෙක් එම සැරයන්වරයා සමග ඇතිවූ කතා බහ මෙසේ,

STF නිලධාරියා: ඔයා තියනවනම් මට තියන්න…
පොලිස් සැරයන්වරයා: මං ඒ වගේ තිරිසන් වැඩ කරන්නේ නැහැ. සර් මගේ තාත්තා වගේ…
STF නිලධාරියා: මං ඉන්නවා, ඔයා කරනවානම් මට කරන්න…
පොලිස් සැරයන්වරයා: මම කියන දේ අහන්නකො සර්ලා.. මං වැරද්දක් කරන්නේ නැහැනේ. මට මෙහෙම පාඩුවේ ඉන්න අරින්නකෝ. ඉන්න අරින්න… කාටවත් කරදර නොවෙන්න.
STF නිලධාරියා: ඔයා පොලිස් නිලධාරියෙක්, සාජන්ට් කෙනෙක් පොලිසියේ.

පොලිස් සැරයන්වරයා (විසින් පොලිස් ස්ථානාධිපතිට): මං ඉන්න තත්වය හොඳ නැහැ, ඒ නිසා කතා කරන්න එපා සර්. මං ඉන්න තත්ත්වය එච්චර හොඳ නැහැ.

මෙහිදී පොලිස් සැරයන්වරයාගේ බිරිද සහ දරුවන් ද එම ස්ථානයට පැමිණියේ තත්වය පාලනය සඳහා උදව් කිරීමේ අදහසින්. නමුත් පොලිසි සැරයන්වරයා විසින් ඔව්න්ට එම ස්ථානයෙන් ඉවත්වෙන ලෙස දැනුම් දුන්නා.

පොලිස් සැරයන්වරයා විසින් කොට්ටාශ භාර පොලිස් අධිකාරීවරයාට මෙසේ පැවසුවා,

පොලිස් සැරයන්වරයා: මෙහෙම කරන්න හොඳ නැහැ සර් නිලධරීන්ට. අපි මේ උසස් නිලධ්රින්ගේ නියෝග ක්‍රියාත්මක කරලා අවුරුදු 25ක් තිස්සේ දුක් විඳිනවා. ඊයෙත් උසාවියට ගිහිල්ලා 14,500ක් දුන්නා සර්.
කොට්ටාශ භාර පොලිස් අධිකාරීවරයා: හරි මම බලන්නම්, බලන්නම්….
පොලිස් සැරයන්වරයා: එහෙම මානසික මට්ටමකින් අපි ඉන්නේ සර්…

පැය දෙකක් පමණ කාලයකට පසුව පොලිස් විශේෂ කාර්ය බලකාය එම සැරයන්වරයා සිය භාරයට ගත්තා. මෙහෙදී සැරයන්වරයාගේ ගිනිඅවිය දෙපාරක් ක්‍රියාත්මක වුනා.

සම්පූර්ණ වීඩියෝව පහතින් බලන්න,

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

1 × 5 =

To Top