Gossip News | Rajagossip | Latest Gossip | ගොසිප් | rajagossip.lk – Raja Gossip

News Line

අනුරාධපුරයේ 7 හැවිරිදි දැරියකට උකුස්සෙකුගෙන් ප‍්‍රහාරයක්

tiercel attack

නිවස ඉදිරිපිට මිදුලේ සෙල්ලම් කරමින් සිටි සත් හැවිරිදි තම දියණියට පහරදීමට උත්සාහ කළ උකුස්‌සකුට ඉදලෙන් පහරදී දියණිය බේරා ගැනීමට අනුරාධපුර මවක්‌ ඊයේ (14 දා) සමත්වී තිබුණි.

පෙරේදා (13 දා) දිනයේ අනුරාධපුර පොලිස්‌ වසමේ වේළුවනගම, සුචරිතගම ප්‍රදේශයේදී කුඩා දරුවන් කිහිපදෙනකුට පහරදීමට උත්සාහ කළ සිළු බඹර උකුස්‌සා නමින් හදුන්වනු ලබන මෙම උකුස්‌සා ගම්වාසීන් විසින් උගුලක්‌ යොදා ඊයේ (14 දා) අල්ලාගෙන අනුරාධපුර වනජීවී කාර්යාලයේ නිලධාරීන්ට ආරක්‍ෂිතව භාර දෙන ලදී.

ප්‍රහාරයට ලක්‌වූ හත් හැවිරිදි දෙව්මිනි අමායා දැරිය ඊයේ (14 දා) උදෑසන 7.30 ට පමණ නිවස ඉදිරිපිට සෙල්ලම් කරමින් සිටියදී ඉහළ අහසේ සිට පියාඹා පැමිණි උකුස්‌සා දැරියට පහර දී ඇත. දැරියගේ පිටට වැදුණු තියුණු ප්‍රහාරයෙන් ඇය තුවාල ලබා ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්‍ෂණ රෝහලට ඇතුළු කිරීමෙන් අනතුරුව බාහිර වෛද්‍ය ප්‍රතිකාර ලබා දී රෝහලෙන් පිටත් කර තිබුණි.

පෙරේදා (13 දා) දිනයේ ඉහළ අහසේ සිට ඊයක වේගයෙන් පැමිණෙන උකුස්‌සා අවස්‌ථා හතරකදී කුඩා දරුවන් සිවුදෙනකු පසුපස එළවා ඔවුන්ට පහරදීමට උත්සාහකර ඇතත් දරුවන් නිවෙස්‌ තුළට වැදී උකුසු ප්‍රහාරයෙන් බේරී තිබේ.

ඊයේ (14 දා) උදෑසන කුඩා දැරියට පහරදීමට උත්සාහ කළ උකුස්‌සාට එම ඉලක්‌කය වැරදී යැමත් සමඟ සුචරිතගම ගම්වාසී පිරිසක්‌ මෙම පක්‍ෂිsයා ආරක්‍ෂිතව අල්ලා ගැනීමට මෙහෙයුමක්‌ ක්‍රියාත්මක කළහ.

ඒ අනුව ගම්වාසී තරුණයන් පිරිසක්‌ උකුස්‌සා ගැවසුණු ස්‌ථාන කිහිපයක්‌ නිරීක්‍ෂණය කර අමු මස්‌ කැබලි කිහිපයක්‌ දමා උගුලක්‌ අටවා උකුස්‌සාව ඊට කොටු කර ඒ සම්බන්ධයෙන් අනුරාධපුර වනජීවී කාර්යාලයේ නිලධාරීන්ට දැනුම්දී තිබිණි.

එහි පැමිණි වනජීවී නිලධාරීහු මෙම උකුස්‌සා “ඔරියන්ටල් හනී බුසාඩ්” යන උද්භිත නාමයෙන් හඳුන්වන සිළු බඹර උකුස්‌සකු බව පැවසූහ.

සිය දියණිය උකුස්‌සාගෙන් බේරාගත් මව එම අත්දැකීම මෙසේ කීවාය.

මම උදෑසන මිදුල අතු ගගා හිටියේ. දුව මිදුලේ සෙල්ලම් කරමින් සිටියේ. එක්‌වරම විදුලි වේගයෙන් උකුස්‌සා දරුවා සිටි ස්‌ථානයට ඇවිල්ලා අත්තටු විදහලා එයාව වහගෙන හොටය පුම්බාගෙන හිසට කොටන්න සූදානම් වුණා. මම මිදුල අතුගගා හිටපු ඉදලෙන් උකුස්‌සට ගැහුවා. දරුවව වහගෙන හිටපු උකුස්‌සා එයාව අතහැරලා පියාඹලා ගියා.

උකුස්‌සගේ නිය පාරට දුවගේ පිට කැපිලා වගේ තිබ්බා. අපි දරුවව අනුරාධපුර රෝහලට ගෙනිච්චා . නමුත් වෛද්‍යවරු කිව්වා බය වෙන්න දෙයක්‌ නෑ. බෙහෙත් විදින්නත් අවශ්‍ය නෑ කියලා.

උකුස්‌සාගේ ප්‍රහාරයට ලක්‌වූ දෙව්මිනි අමායා දියණිය එම සිදුවීමත් සමඟ බියට පත්වී සිටි අතර ඇය කියා සිsටියේ සෙල්ලම් කරමින් සිටි අවස්‌ථාවේදී උකුස්‌සා එක පාරටම ඇවිල්ලා තමන්ව තටුවලින් වහ ගත් බවත් එම අවස්‌ථාවේදී පිටට තුවාල සිදුවූ බවත් ය.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

two × five =

To Top