Gossip News | Rajagossip | Latest Gossip | ගොසිප් | rajagossip.lk – Raja Gossip

Tech

ටයිටන් චන්ද්‍රයාගේ ජිවය ඇතැයි සැකයක්

titan moon

සෙනසුරු ග්‍රහයාගේ විශාලතම චන්ද්‍රයා වන ටයිටන් හී ජිවය ඇතැයි සැක කිරීමට තුඩුදෙන වැදගත් සොයා ගැනීමක් විද්‍යාඥ පිරිසක් විසින් පසුගියදා සිදුකරනු ලැබුවා.

ජීව සෛලවල ආකෘතීන් නිර්මාණය වන ඇක්‍රෝලොනිට්‍රිල් හෙවත් විලින් සයිනයිඩ් විශාල වශයෙන් පවතින බවයි එයින් අනාවරණය වුයේ. පෘතුවියේදී මෙම රසායනික ලොස්ටික් නිෂ්පාදනාගාරයේදී යොදාගනු ලැබෙනවා.

එහෙත් ටයිටන්වල පවතින කටුක පසුබිම් තත්ත්වයන් යටතේ සතුන්ගේ සහ ශාකවල වැනි නම්‍යශීලි සෛල ඉන් ගොඩනැඟීම ඉඩ ඇතැයි ඔවුන් විශ්වාස කරනවා.

පර්යේෂණ සිදුකළ පිරිස ප්‍රකාශ කරන්නේ තමන් එම ද්‍රව්‍ය තිබෙන බව නිසැක වශයෙන්ම සොයාගත් බවයි.

ගැන වායුගෝලයක් පවතින ටයිටන්හි වායුගෝලයේ තිබී මේවා හමුවී ඇති අතර කාලයක් තිස්සේ මෙසේ පැවතීම නිසා එම චන්ද්‍රයාගේ මතුපිටද මෙම රසායනික ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් පවතී යැයි විශ්වාස කරනවා.

චන්ද්‍රයාගේ වායුගෝලයේ කිලෝමීටර් 950ක් 1300 ක් ඉහළින් කක්ෂයේ ගමන් කරන කැඩ්නී චන්ද්‍රිකාව ඇසුරින් කාබන් දාම සෘණ අයන හඳුනාගෙන ඇති අතර සංකීර්ණ ජීව අණු සෑදීමට මේවා උපකාරී වෙතැයි විශ්වාස කෙරෙනවා.

මේ ගැන වැඩිදුර විස්තර කිරීමෙන් ටයිටන් මත ඇතැයි සිතන ජිවය ගැන පමණක් නොව පෘතුවියේ ජිවය ආරම්භ වූයේ කෙසේද යන ප්‍රශ්නයටද විසඳුමක් සොයා ගත හැකි වනු ඇතැයි බලාපොරොත්තු පළ කර තිබෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top