Gossip News | Rajagossip | Latest Gossip | ගොසිප් | rajagossip.lk – Raja Gossip

News Line

දුම්රියක් පසුපසට ධාවනය වෙයි

train

 

නාවලපිටියේ සිට කොටගල ඛණිජ තෙල් නීතිගත සංස්ථා තෙල් ගබඩා සංකිර්ණය දක්වා ධාවනය වෙමින් තිබු දුම්රියක් පසුපසට ධාවනය වී තිබුණා.

ඉන්ධන ප‍්‍රවහානය කළ දුම්රියක් මෙලෙස  හදිසියේ තිරිංග පද්ධතිය ක්‍රියා විරහිත වීමෙන් යළි පසුපසට ධාවනය වි තිබෙන බවයි වාර්තා වන්නේ.

අද (10) අලුයම 3.00 ට පමණ හැටන් දුම්රිය ස්ථානයේ සිට කොටගල දුම්රිය ස්ථානය දක්වා ගමන් ආරම්භ කළ එම භාණ්ඩ ප‍්‍රවහාන දුම්රිය හැටන් දුම්රිය ස්ථානයේ සිට මද දුරක් ධාවනය වන අතරතුර එම දුම්රියේ වැකුම් නළය පුපුරා ගොස් තිබෙනවා.

වහා ක්‍රියාත්මක වී දුමිරියේ පසුපස ආරක්‍ෂක නිලධාරින් ගමන් ගන්නා මැදිරියේ ඇති අත් තිරිංග පද්ධතිය ක්‍රියාත්මක කර පසුපසට ධාවනය වු දුම්රිය නතරකර ගැනිමට ක්‍රියා කර තිබුණා.

මෙම අවස්ථාවේ දුම්රියේ ඩිසල් ලිටර් 11600ක් ගබඩා කර තිබූ බවත් සඳහන්.

හැටන් දුම්රිය ස්ථානයෙන් නාවලපිටිය දුම්රිය ස්ථානය දෙසට බෑවුම් සහිත නිසා දුම්රිය මෙලෙස පසුපසට ධාවනය වී තිබෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top