Gossip News | Rajagossip | Latest Gossip | ගොසිප් | rajagossip.lk – Raja Gossip

Bollywood

උපන් දිනය ලබන්න පැය කිහිපයක් තියෙද්දි නිරූපිකාවක් කරගන්න ගිය විනාශයක්

Shama Sikander

පුංචි තිරයේ ප‍්‍රසිද්ධ නිවේදිකාවක් තමන්ගේ 36 වැනි උපන් දිනය දා උදාවෙන්න පැය කිහිපයක් තියෙද්දි කවුරුවත්ම නොහිතන වැඩක් කරන්න ගිහිල්ලා.

ඇගේ නම ෂාමා ශිකන්දර්.

තමන්ගේ 36 වැනි උපන්දිනය උදාවෙන්නට පැය කිහිපයකට කළින් ඇය තමන්ගේ ඉන්ස්ටග‍්‍රෑම් ගිණුම හරහා ඇගේ ඡුායාරූපයක් එක්ක දාලා තිබුණා, වයස කියන්නේ අංකයක් විතරයි මම තවමත් ලස්සනට ඉන්නවා කියලා.

ඒ වගේ සටහනක් දැම්මට පස්සේ මේ රූපවාහිනි නිවේදිකාව තමන්ගේ අයියට ඇගේ බැංකු පොත් සියල්ල දීලා ඒවායේ තියෙන මුදල් ගැනද දැනුවත් කරලා තියෙනවා.

ඊට පස්සේ තමන්ගේ මවට කියලා තියෙනවා උදේට ඇවිත් ඇයව නැගිට්ටවන්න එපා කියලා.

රූපවාහිනී නිවේදිකාවක් වගේම නිරූපිකාවක් වන මේ තරුණිය මීට අවුරුදු 5කට කළින් බයිපෝලා ඩිසිස් කියන මානසික රෝගයෙන් පෙළුනු කෙනෙක් නිසා ඇගේ අයියාට ඇය ගැන සැකයක් මතුවෙලා තියෙනවා.

ඒ නිසා ෂාමාගේ අයියා අම්මට කියලා තියෙනවා පොඩ්ඩක් තමන්ගේ සහෝදරිය ඉන්න කාමරයට ගිහින් විපරම් කරන්න කියලා.

ඒ වෙලාවේ අම්මා දැකලා තියෙනවා ඇය නිදිපෙති ගොඩක් බොන්න උත්සාහ කරන ආකාරයක්.

කොහොමහරි අවසානයේ අම්මගේ සහ සහෝදරයාගේ වැළැක්වීම මත ඇයව මේ විදිහට බේරගෙන කියලයි ඉන්දීය වෙබ් අඩවි වාර්තා කරන්නේ.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top