Gossip News | Rajagossip | Latest Gossip | ගොසිප් | rajagossip.lk – Raja Gossip

News Line

කටුනායක බලා එමින් තිබූ ගුවන් යානා දෙකකට සිද්ද වෙච්චදේ

flight

අයහපත් කාලගුණ තත්ත්වයක් හේතුවෙන් කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළට පැමිණි ගුවන් යනා දෙකක් මත්තල ගුවන් තොටුපළ වෙත හරවා යවා තිබෙනවා.

මෙම ගුවන් යානා චෙන්නායි සහ සී – ෂෙල්ස් සිට පෙරවරු 11.20 ට මෙරටට පැමිණි බවයි කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළෙහි කාර්යයේ නියුතු කළමණාකරු කියා සිටියේ.

කෙසේ වෙතත් අනෙකුත් ගුවන් ගමන්වල වෙනසක් සිදුනොවන බව ගුවන්තොටුපලේ කාර්යයේ නියුතු කළමනාකාරවරයා කියා සිටියා.

මත්තල ප්‍රදේශයේ මේ වනවිට යහපත් කාලගුණ තත්වයක් පවතින බැවින් අදාළ ගුවන් යානා මත්තල ගුවන්තොටුපොළ වෙත ගොඩබෑම සිදුකළද මේ වනතෙක් මගීන් ඉන් පිටතට පැමිණීමක් සිදුව නොමැති බවයි වාර්තා වන්නේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top